ආර්ථික අර්බුදය කුසට දැනුන හැටි

283


රට තුළ පවතින ආර්ථික අර්බුදය නිසා ජනගහනයෙන් සියයට 45ක් ආහාර ගන්නා වාර ගණන අඩුකර ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ‌ ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ වාර්තා අනුව හෙළිවී ඇත.

2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය සියයට 95ක් දක්වා ඉහළ ගියේය. එමෙන්ම නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මෙය බව ද වාර්තාව දක්වයි.
ඒ අනුව රටේ ජනගහනයෙන් සියයට 86ක් ආහාර සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරිම නිසා ආහාර රටාව වෙනස් වී ඇත. තවත් සියයට 75ක් ආහාර පිසීම සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍ය ප්‍රමාණය අවම කර තිබේ. සියයට 45ක් ආහාර ගන්නා වාර ගණන අවම කළ අතර තවත් සියයට 38ක් ගන්නා ආහාර ප්‍රමාණය අවම කරනු ලැබීය.
2021 හතරවන කාර්තුව වනවිට ගෘහාශ්‍රිතව අමතර ආහාර පරිභෝජනය සියයට 3.4ක් දක්වා පහළ වැටී තිබු අතර 2022 ඔක්තෝබර් මාසය වනවිට රටේ ජනගහනයෙන් මිලියන මිලියන 2.26ක් අමතර ආහාර පරිභෝජනය නවත්වා තිබේ.

ආර්ථික අර්බුදය පැවැති 2021 හා 2022 කාලය තුළ ගෘහස්ථව එලවළු පරිභෝජනය ගත් කළ කොහිල ව්‍යංජන සදහා යොදා ගැනීමට ඇති ඉල්ලුම සියයට 45ක් දක්වා ඉහළ ගොස් තිබුණි. වැඩි දෙනෙක් අවටින් සපයා ගත හැකි කුමක් හෝ එලවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇත. ඊට සාපේක්ෂව බෝංචි සියයට 30කින් කැරට් සියයට 29කින් වට්ටක්කා සියයට 27කින් වම්බටු සියයට 27කින් කොළ සහිත එලවළු සියයට 10කින් වශයෙන් පරිභෝජනයට ගැනීම පහත වැටී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment