සබරගමුව සරසවිය යළි ඇරේ

43

දින නියමයක් නොමැතිව වසා දැමුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඊයේ (07 දා) සිට යළි ආරම්භ කර තිබේ.

එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් සහ එහි අධ්‍යාපනය ලබන තවත් සිසුන් පිරිසක් අතර ඉකුත් මස 16 වැනිදා ඇතිවූ ගැටුමකින් අනතුරුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් ව්‍යවහාරික විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට පමණක් ඊයේ (07 දා) සිට අධ්‍යයන කටයුතු ආරම්භ කළ බවත් අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන දිනය ඉදිරියේදී දැනුම්දෙන බවත් සබරගමුව විශ්වවවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment