ඉන්දියාවේදී කොටුවූ අයි.එස්. 4 දෙනාගේ පැටිකිරිය සොයන්න අපෙනුත් කමිටුවක්

140

ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාගේ මෙරට ක්‍රියාකාරකම් ගැන විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇත. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානත්වයෙන් මේ කමිටුව පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

මේ අත්අඩංගුවට ගත් පිරිස අයි.එස්.අයි.එස්. සාමාජිකයන් බවත් ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීම පිළිබඳ තොරතුරු ද අනාවරණය වී ඇති බවත් ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කර තිබිණි.

ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සිව්දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් පිරිසක් ඝාතනය කිරීමට තිබූ සැලැස්මක් පිළිබඳ තොරතුරු ද අනාවරණය වී ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අනාවරණය කර තිබේ.

ඉන්දියාවේදී කොටුවූ අයි.එස්. 4 දෙනාගේ පැටිකිරිය සොයන්න අපෙනුත් කමිටුවක්

ඔවුන් සිව්දෙනා ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් බවද මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බවද එම පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය 20 වැනිදා ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේදී මෙම ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් ද අනාවරණය වී ඇති අතර මෙරට නම ගිය ප්‍රබල අපරාධයක් සම්බන්ධ චූදිතයකුගේ පුත්‍රයා සමඟ තිබූ සම්බන්ධතා ද දැනටමත් හෙළිව ඇත.

මේ අතර හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ද වාර්තා කර ඇති පරිදි පරීක්ෂක කණ්ඩායම් පවසා ඇත්තේ පාලක භාරතීය ජනතා පක්ෂයේ නායකයින්ටද පාඩමක් ඉගැන්වීමට අදාළ පිරිසට අවශ්‍යව තිබූ බවයි.

ශ්‍යාම්නුවන් ගනේවත්ත සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment