2024 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ ලෙසින් වන සම්මානය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම විසින් සම්මානය ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

2024 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ සන්නිවේදන සන්නාමය’ ලෙසින් අඛණ්ඩව දහතුන් වැනි වරටත් ජනතා අභිෂේකයට පත්වන්නට ඩයලොග් ආයතනය සමත් විය.

ශ්‍රී ලාංකීය ජන ජීවිතවලට සුවිශේෂී බලපෑමක් ඇති කළ සන්නාම හඳුනාගනිමින් මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ජාතික ආයතනය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) පවත්වන ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙල තුළින්, ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත හා බැඳුණු සන්නාම සඳහා සම්මාන පිරිනමනු ලබයි.

මෙලෙස අඛණ්ඩව 13 වැනි වරටත් ‘වසරේ සන්නිවේදන සන්නාමය’ ලෙස ජනතා සම්මානයට පාත්‍රවීම හරහා ශ්‍රී ලාංකීය ජන ජීවිත හා ව්‍යාපාර සවිබලගන්වමින්, රටේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ සහ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින්, රට ඩිජිටල්කරණයෙන් බලගැන්වීමට ඩයලොග් සමාගම දක්වන අප්‍රතිහත කැපවීම යළිත් වරක් තහවුරු වෙයි.

ජනතා සම්මාන උළෙලේදී ලද ජයග්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙලෙස සඳහන් කළේය. “2024 ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ සන්නිවේදන සන්නාමය’ අඛණ්ඩව 13 වෙනි වරටත් දිනාගැනීමට ඩයලොග් සමත්වීම හා පාරිභෝගිකයින් විසින් ඇගයීමට ලක් කිරීම අපට ඉමහත් ගෞරවයක්. විශිෂ්ට සේවාවන් රැසක් තුළින් හා විප්ලවීය නවෝත්පාදන හරහා පාරිභෝගිකයා බලගැන්වීමට වෙර දරන සමාගමක් විදිහට එම ප්‍රයත්නයන්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් තුළින් නින්නාද වන ආකාරය අපි සැබැවින්ම නිහතමානීව අත්දකිනවා. ඔවුන්ගේ ප්‍රියතම සන්නිවේදන සන්නාමය ලෙසින් ඩයලොග් කෙරෙහි විශ්වාසය තැබූ සුවහසක් පාරිභෝගිකයින්ට අපගේ හදපිරි ස්තුතිය පුද කිරීමටත් කැමතියි.”

advertistmentadvertistment
advertistmentadvertistment