යුද සමයේ අනුරාධපුර උතුර මායිමේ පිහිටි හමුදා බංකරයක හමුදා භටයන් සමග රැය පහන් කිරීමට මටත් සිරිමෙවන් කස්තුරිආරච්චිටත් එදා සිදුවිය. ඇත්ත වශයෙන් එදා ඒ අඳුරු රැය බිය ජනකය. එම මුර බංකරයේදී ගිනිකූරක් දැල්වීම තහනම් විය. එම ආලෝකය ඔස්සේ කොටින්ගේ වෙඩි පහරක් මෙම බංකර් වෙතට එල්ල කිරීම සඳහා කොටි සාමාජිකයන් පැය 24ක් මුළුල්ලෙහිම ඉලක්ක කරගෙන සිටින බව අපි දැන ගත්තෙමු.
පත්තර කලාවේදියකුට වෙලාවක් කලාවක් නැත. කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියා මෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදී මහතාට හෝ මහත්මියන්ටත් පුවත්පතේ කර්තෘවරයාට හෝ එහි සිටින සෙසු සාමාජිකයන්ටත් අත්වන්නේ එවැනි ජීවිතයකි. ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඝාතනය වූ මොහොතේ ‘දිවයින’ විශේෂ පුවත්පතක් පසුදින එළිදැක්වූයේ එදා මධ්‍යම රාත්‍රියේ දොළහත් පසුවය. රජීව් ගාන්ධි ඝාතනයට ද එවැන්නක් අපි කළෙමු.
‘දිවයින’ පත්‍රයේ වසර 44ක ඉතිහාසය සමරන මොහොතේ පත්‍රයේ ආරම්භයේ සිට මේ දක්වාම ‘දිවයින’ පත්‍රයේ සේවය කිරීමට මට හැකිවීම මගේ දෛවෝපගත වාසනාවක් විය හැකිය.
අප පුවත්පතේ ගෞරව සම්භාවනාවට පාත්‍රවන ආරම්භක කර්තෘ, එඩ්මන්ඩ් රණසිංහ මැතිතුමා මෙන්ම ධර්මපාල වෙත්තසිංහ, ගාමිණී වීරකෝන්, විජිතයාපා, දයාසේන ගුණසිංහ යන මහත්වරු ද කෘතහස්ත පත්‍ර කලාවේදීන් වන එඩ්මන්ඩ් රණසිංහ, එමෙන්ම ගාමිණි වීරකෝන්, විජිත යාපා යන මහත්වරු මේ මොහොතේ මම සිහිපත් කරනු ලබන්නේ හදබැතියෙනි.
එඩ්මන්ඩ් රණසිංහ මහතා මුලින්ම මට හඳුනාගැනීමට ලැබුණේ 1976 වසරේය. එවකට එතුමා ‘දිනපතා’ නමින් පළවූ පුවත්පතක කර්තෘවරයා විය. මා එම අවධියේදී ‘ඇත්ත’ පත්‍රයෙන් ඉවත් වී ‘භක්තිය’ නමින් කිතුනු පුවත්පතක් මුද්‍රණය කරනු ලැබුවේ ද ‘දිනපතා’ පත්‍රය මුද්‍රණය කරන කොළඹ 14 පිහිටි ජිනදාස නියතපාල මහතාට අයත් මුද්‍රණාලයකය.
පත්තර කලාව පිළිබඳව මෙන්ම ප්‍රවෘත්ති ලබාගන්නා ආකාරය පිළිබඳව දැඩි අවබෝධයක් මා ලබාගත්තේ එඩ්මන්ඩ් රණසිංහ මැතිතුමාගෙන්ය.
1977 මැතිවරණ සමයේදී ලේක්හවුසියේ කිරිබත්ගොඩ මාධ්‍යවේදියා ලෙස මා ක්‍රියා කළත් එම මැතිවරණයෙන් පසු එ.ජා.ප. ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රණසිංහ මහතා ලේක්හවුසියේ සේවයට එක්වූ මොහාතේ මගේ මාධ්‍ය කලාව වඩාත් ඔපවත් වූයේ අපේ රණසිංහ මහතා නිසා යැයි මම සිතමි.
මගේ සේවය පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වූ රණසිංහ මහතාත්, එමෙන්ම එවකට ඔබ්සවර් පත්‍රයේ සේවය කළ ගාමිණි වීරකෝන් මහතාගේ මැදිහත්වීම නිසා ‘දිවයින’ සහ ‘දී අයිලන්ඩ්’ පත්‍රයේ සේවය කිරීමට මට අවස්ථාව උදාවිය.
‘දී අයිලන්ඩ්’ පත්‍රයේ මුල්කතුවරයන් අතර වූ විජිත යාපා මහතා ද මගේ මාධ්‍ය ගමන දිරිමත් කිරීමට ක්‍රියා කිරීම ගැන මෙහි සඳහන් කළ යුතුමය. මීට අමතරව දයාසේන ගුණසිංහ, නන්දසේන සූරියආරච්චි, ධර්මරත්න විජේසුන්දර, දයාරත්න රණසිංහ, මෙරිල් පෙරේරා, ගයිරුක පේරුසිංහ, විමල් වීරසේකර, ටියුරින් වීරසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක, උපාලි තෙන්නකෝන්, සිරිමල් ෆොන්සේකා, ගාමිණි සුමනසේකර, නාරද නිශ්ශංක, අනුර සොලොමන්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මෙහිදී මා මතක් කළ යුතුය. (නම් අතපසු වී නම් සමාවුව මැනව)
එමෙන්ම එදා ලංකාදීපයේ ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස මාධ්‍ය කලාවට පිවිසි නාරද නිශ්ශංක මහතා ‘දිවයින’ පත්‍රයේ ආරම්භක සමයේ සිට සේවය කළේය. අද ඔහු ‘දවයින’ දිනපතා පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද සේවය කරනු ලබන්නේ මා මෙන්ම ඔහුගේ මාධ්‍ය කලාව නිසි ආකාරයට කරගෙන යන නිසා විය හැකිය. 2010 සිට 2016 දක්වාත්, 2021 සිට මේ දක්වාත් ඔහු එසේ ප්‍රධාන කර්තෘවරයා වන්නේය.
‘දිවයින’ ආරම්භයේදී රටේ වැඩිපුර මාතෘකාව වූයේ උතුරේ පැවැති යුද්ධ යයි. උතුරේ යුද වාර්තා, වාර්තා කිරීම නිසා පත්‍රයේ පළවෙන ප්‍රවෘත්ති කියවීම පිළිබඳව රටේ ජනතාව තුළ දැඩි උණන්දුවක් තිබුණි.
අද මෙන් නොව එදා ප්‍රවෘත්ති ලබාගැනීම සඳහා අපට තිබුණේ දුරකථනය පමණි. උදේ සිට රාත්‍රී වනතුරුම ප්‍රවෘත්ති සෙවීම රාජකාරියේ අපි නිරත වුණෙමු.
දිනපතා ‘දිවයින’ ආරම්භයේදී ලේක්හවුසියේ සිට සේවයට එක්වූ ස්ටැන්ලි ප්‍රේමරත්න පොලිස් වාර්තාකරුවකු ලෙස එදා ප්‍රසිද්ධ වී සිටියත් ඔහු යුද පුවත් ලබාගැනීමේදී විශාල දායකත්වයක් ලබාදුන්නේය. ස්ටැන්ලිට අමතරව සිරිමෙවන් කස්තුරිආරච්චි, කීර්ති වර්ණකුලසූරිය මෙහිදී මා සිහිපත් කළ යුතුමය.
‘දිවයින’ පත්‍රය ආරම්භක සමයේ 1981 ඔක්තෝබර් මාසයේ අපේ දක්ෂ ඡායාරූප ශිල්පියකු වූ විමල් එස්. සුරේන්ද්‍ර කඳාන නගරයේදී අබිරහස් ලෙස මියගොස් තිබුණි. ඔහු පැලඳ සිටි හෙල්මට් පලඳනාව දේශපාලනඥයකුගේ මිදුලේ තාප්පයක තබා තිබුණි. රිය අනතුරකින් මෙම මරණය සිදුවූ බවට කතාබහ කළත් එම මරණයේ සුලමුල මෙතෙක් හෙළිවී නැත. සිරිමෙවන් කස්තුරිආරච්චි ඇතැම් අවස්ථාවලදී උතුරේ යුද බිමට ගිය අතර මම බොහෝවිට මංගල වීරසේකර (ඡායාරූප ශිල්පී) සමග යාල්දේවි දුම්රියෙන් යාපනයේ කොටි කඳවුරුවලට මෙන්ම කොටි නායකයෝ පවා හමුවට ගියේ විවිධ උපක්‍රම යොදාගෙනය.
ඇතැම් අවස්ථාවලදී යුද්ධයෙන් විනාශ වූ යාපනය නගරයේ ගොඩනැඟිලි සුන්බුන් පවා අප ඡායාරූපගත කළේ කොටින්ගේ ඕනෑකම් අනුවය.
ලේක්හවුසියේ සිට එදා අප සමග ‘දිවයින’ට සම්බන්ධ වූ ලක්ෂ්මන් පෙරේරා මහතා අද මෙහි මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියාකරන අතර එවකට මූල්‍ය පහසුකම් අපට සපයා දුන්නේ ද මෙතුමා මාර්ගයෙනි.
ඇතැම් දිනවල උදේ පාන්දරින්ම අපට අසන්නට ලැබුණේ උතුරු මැද යාපනයේ මායිම් ගම්මානවල පිහිටි අහිංසක වැසියන් පවුල් පිටින් අමු අමුවේ ඝාතනය කිරීමේ සිද්ධීන්ය.
මේ සඳහා අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දිවා රාත්‍රියේ නිදි නොලබා එම සිද්ධීන් අපට වාර්තා කළහ.
වව්නියාවේ මාණ්ඩලික වාර්තාකරු දිනසේන රතුගමගේ, පොලොන්නරුව කරුණාරත්න ගමගේ, යාපනයේ පී. මරියදාස්, ත්‍රිකුණාමලයේ අමරදාස වික්‍රමආරච්චි, බදුල්ල කේ. එම්. පී. බණ්ඩාර, සමන් මල්ලවආරච්චි, සේන වරුෂහැන්දි, සිරිල් බස්නායක, ජයරත්න ගොනපීනුවල, කුවින්ටස් ගෝමස් ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදී බලමුළුව තම දිවි පරදුවට තබා ‘දිවයින’ සමග රැඳුනහ.
ඩබ්ලිව්. ගුණසිංහ අපේ කැබිතිගොල්ලෑව වාර්තාකරු යුද්ධයේ පුවතක් ‘දිවයින’ කාර්යාලයට ෆැක්ස් කර ආපසු එද්දී කොටින්ගේ බෝම්බයකට ඔහු බිලි විය. දිනපතා කාර්යාලයේ ඉතාමත් ජනප්‍රිය මාධ්‍යවේදියකු වූ සුදීප රැකියාව නිමකර යද්දී දෙහිවල දුම්රියපළේදී බෝම්බ පිපිරීමකට ලක්වී මියගියේය.
උතුරේ යුද බිමේදී දිවා රෑ දෙකේ ‘දිවයින’ වෙනුවෙන් ඇප කැපවී සේවය කළ අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද අපට සුවිශේෂ මෙහෙවරක් ලබාදුන්නේය. අපේ ‘දිවයින’ පාඨකයන්ට අලුත් පුවතක් ලබාදීමට එදා සිට අදත් අපි වෙහෙසෙමු.
යුද සමයේ අනුරාධපුර උතුර මායිමේ පිහිටි හමුදා බංකරයක හමුදා භටයන් සමග රැය පහන් කිරීමට මටත් සිරිමෙවන් කස්තුරිආරච්චිටත් එදා සිදුවිය. ඇත්ත වශයෙන් එදා ඒ අඳුරු රැය බිය ජනකය. එම මුර බංකරයේදී ගිනිකූරක් දැල්වීම තහනම් විය.
එම ආලෝකය ඔස්සේ කොටින්ගේ වෙඩි පහරක් මෙම බංකර් වෙතට එල්ල කිරීම සඳහා කොටි සාමාජිකයන් පැය 24ක් මුළුල්ලෙහිම ඉලක්ක කරගෙන සිටින බව අපි දැන ගත්තෙමු.
අලිතාලියා ගුවන් යානය පැහැර ගත් සේපාල ඒකනායක නම් වූ අපේ ශ්‍රී ලාංකික තරුණයකු පිළිබඳව එදා වාර්තා විය. එහෙත් ‘දිවයින’ පත්‍රයේ රොයිටර් මැෂිම එදා අක්‍රිය වී තිබුණි. මේ පුවත කොහෙන් හෝ ගන්නා ලෙස ‘දිවයින’ කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාගෙන් උපදෙස් ලැබුණි.
එම අභියෝගය එදා මම භාර ගතිමි. ලේක්හවුසියේ සභාපති බෝධිනායක මහතාට ජපන් බස සම්බන්ධවෙන ආකාරයට ඉංග්‍රීසි වචන යොදා දුරකථනයෙන් මම කතා කළෙමි. (එය අණ්ඩර දෙමළයක් බව පසුව ඔහුට වැටහෙන්නට ඇත.)
ඒ සැණකින් එම සභාපතිවරයා පසුදා පත්‍රයේ පළ කිරීමට සූදානම් කළ සේපාල ඒකනායකගේ සිද්ධිය මුල සිට අග දක්වාම කියැවීමට සැලැස්විය. එම පුවත අපට විශේෂ වූයේ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා මැනිලා නුවර සිට ලේක්හවුසියට ලබාදුන් වාර්තාව නිසාය.
තවත් දවසක උදෑසනින්ම මා මඩකළපුව පොලිසියේ ප්‍රධානියාට කතා කළෙමි. ඔහු වෙනුවට පිළිතුරු දුන්නේ කොටි සාමාජිකයෙකි.
මම පසුව මඩකළපුව පිහිටි පොලිස් ස්ථාන කීපයකටම කතා කළෙමි. ඒ සැමට පිළිතුරු දුන්නේ කොටීන්ය. ඒ අනුව කොටි සංවිධානය නැඟෙනහිර පොලිස් ස්ථාන ගණනාවක් අත්පත් කරගෙන තිබෙන බව පැහැදිලි විය. කොළඹ පොලිස් මූලස්ථානයට මෙම තොරතුරු වාර්තා වූයේ මටත් වඩා විනාඩි දෙක තුනකට ප්‍රමාද වීමෙන්ය.
ප්‍රවෘත්තියක් ලබාගැනීම සඳහා අවශ්‍ය විශේෂ උපක්‍රම ගතයුතු වේලාවටගන්නට ‘දිවයින’ වෙනුවෙන් අපි වෙහෙසුණෙමු.
පුවතක් ලබාගැනීම සඳහා උදාර කැපවීමක් සිදුකළ එම්.එස්. අමරසිංහ නම් ‘දිවයින’ මාධ්‍යවේදියා සුවිශේෂ කැපවීමක් සිදුකළේ ජාතික ඇඳුම ඇඳගෙනය. ඇතැම්විට කොළඹ මෘත ශරීරාගාරයට ඔහු ඇතුළුවී එවක බෝම්බ පිපිරීම්වලින් ජීවිතාක්‍ෂයට පත්වූවන්ගේ මෙන්ම අපරාධ සිද්ධිවලදී මියගිය අයගේ ද තොරතුරු ලබාගන්නට හැසිරුණේ එහි සේවකයකු ලෙසිනි.
ජටිල වැල්ලබඩ, ශාන් විජේතුංග, කරුණාදාස සූරියආරච්චි, චන්ද්‍රසිරි දොඩංගොඩ, සාලමුල්ලේ ධර්මරත්න වැනි මාධ්‍ය සහෘදයන් ද මට අමතක නොවේ.
පුවතක් ලබාගැනීම සඳහා කරන පෑනේ සටනට ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරු මෙන්ම පොලිස් ප්‍රධානින් මෙන්ම ලොකු කුඩා නිලධාරීන් ‘දිවයින’ට විශාල මෙහෙවරක් කළහ. අපට ඔවුන් ද අමතක නැත.
‘දිවයින’ වසර 44ක් සමරන මේ මොහොතේ එදා සිට මෙදා දක්වා අපි සුවිශේෂ අත්දැකීම්වලට මුහුණ පෑවෙමු. ‘දිවයින’ට ආදරය, හිතවත්කම අපේ පාඨකයන්ගෙන් මෙතෙක් ගිලිහී නැත. අපි තවදුරටත් ජනතාව වෙනුවෙන් පෑන මෙහෙය වන්නෙමු. ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් ද අප පුවත්පත් සඳහා සුවිශේෂ කැපවීමක් දක්වන ‘දිවයින’ බෙදාහරින හා වෙළෙඳ මහතුන් දැන්වීම් සපයන්නෝත් එම නියෝජිත ආයතනත් සඳහන් කිරීම වැදගත්ය.
පත්‍ර බෙදාහැරීම සඳහා එහි කළමනාකරු ලෙස එදා අප සමග මෙහි සේවයට එක්වූ සේනාරත්න මහතා කළ සේවය අගය කරමු.
පත්තර කලාවේදියකුට වෙලාවක් කලාවක් නැත. කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියා මෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදී මහතාට හෝ මහත්මියන්ටත් පුවත්පතේ කර්තෘවරයාට හෝ එහි සිටින සෙසු සාමාජිකයන්ටත් අත්වන්නේ එවැනි ජීවිතයකි. ඉන්දිරා
ගාන්ධි අගමැතිනිය ඝාතනය වූ මොහොතේ ‘දිවයින’ විශේෂ පුවත්පතක් පසුදින එළිදැක්වූයේ එදා මධ්‍යම රාත්‍රියේ දොළහත් පසුවය. රජීව් ගාන්ධි ඝාතනයට ද එවැන්නක් අපි කළෙමු. සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ජීවිතක්ෂයට පත් වූ දිනය සෙනසුරාදා දිනයකි. එදා අප පත්‍රය සෙනසුරාදා ප්‍රවෘත්ති ඒ පිළිබඳ වගකීම පැවරී තිබුණේ වර්තමාන ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාටය. එම අභියෝගය ජය ගත්තේය. පසුදින පළවූයේ ඉරිදා ‘දිවයින’ පුවත්පතයි. උපාලි පුවත්පත් සමාගමේ ඉතිහාසය ‘දිවයින’ ඉරිදා සංග්‍රහය මුද්‍රණ 5ක් එළිදැක්වූයේ කොබ්බෑකඩුව රණවිරුවාගේ ඝාතනයේ අලුත් පුවත් පාඨකයාට ලබාදෙමිනි. අරන්තලාව ඝාතන සිද්ධියද අපි එලෙස වාර්තා කළෙමු. එම අවස්ථාවේ කන්තෝරුවේ නොසිට වූවන් ගයිරුක පේරුසිංහ, සිරිමෙවන් කස්තුරිආරච්චි, බන්දුල දිනපූර්ණ, ධර්මරත්න විජේසුන්දර සහ මේ ලියුම්කරුවන මම ද ඊට දායක වූ අන්දම අදට ද නාරද නිශ්ශංක මහතා සාක්ෂි දරයි.
ඉන් නොනැවතුණු අපි රන්ජන් විජේරත්න, රණසිංහ ප්‍රේමදාස , ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි යන ඝාතන සිද්ධි ද අප සැමට පෙර ‘දිවයින’ පාඨක ඔබට ඉදිරිපත් කළේ මේ රටේ සන්නිවේදන මුද්‍රිත මාධ්‍ය සාම්ප්‍රදාය සීමා මායිම් පවා අතික්‍රමණය කරමිනි. මේ සියල්ලේදී එවකට ප්‍රධාන උප කර්තෘ හා පසුව කර්තෘ දිවංගත මෙරිල් පෙරේරා මහතා දැක්වූ විශිෂ්ට කෙටි ශිර්ෂපාඨ යෙදීම් හා රූ රටා අදටත් අමරණීය වන්නේය.
ලංකාවම කම්පාවට පත් කළ උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිතුමා ගමන් ගත් ලියර් ජෙට්යානය අතුරුදන් වීමේ සිදුවීම එදා අප රටට වාර්තා කරද්දී කර්තෘ මණ්ඩලය තුළ ඇති වූ ශෝකානුකූල තත්ත්වය අදටත් අපේ හදවත් කම්පා කරවයි. සිය ගණන් මායිම්
ගම්මානවල අපේ ආදරණීය ජනතාව එල්ටීටීඊ ත්‍රස්තවාදයේ ගොදුරු වූ බවට පත්වෙද්දිත් දිඹුලාගල නාහිමියන්, අරන්තලාවේ හිමිවරුන් තස්ත්‍රවාදීන් ම්ලේච්ඡ ඝතනය කරද්දී උන්වහන්සේලා වෙනුවෙන් සහ මාතෘභූමිය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කළෙමු.
මායිම් ගම්මානවල ජනතාව ඝාතනය කරද්දී කම්කරුවන්, සිසුන් මෙන්ම පොලිසිය ද ජීවිත කැප කරද්දී අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටියෙමු.
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් පැහැරගනු ලැබූ උතුරේ පොලිස් නිලධාරීන් 13 දෙනකු එල්ටීටීඊ බන්ධනාගාරයේ රඳවා සිටිය දී එම පොලිස් නිලධාරීන් හමුවට නොයා ඔවුන්ගේ දුක් සැප විමසා එල්ටීටීඊ බන්ධනාගාරයෙන් නිදහස් කර
ගැනීමට අපි බලවත් ප්‍රයත්නයක් දැරුවත් එම උත්සාහය ද නිශ්ඵල විය.
එල්ටීටීඊ මාධ්‍ය ප්‍රකාශවරුන් වූ කිට්ටු, රහිම්, දයා මාස්ටර් සමග මා නිතර නිතර දුරකථනයෙන් කතා කළේ අපේ පොලිසියට, හමුදාවට සාමාන්‍ය ජනතාව අමානුෂික ලෙස ඝාතනය නොකරන ලෙසය. මා තුළ එම ඉල්ලීම් කොටි නායක ප්‍රභාකරන්ගේ නියෝගය අනුව කොටි භාරයේ සිටි අපේ පොලිස් සහ හමුදා භටයන් ඇතුළු සාමාන්‍ය වැසියන් හමුවට ගොස් ඔවුන් සමග කතාබහ කිරීමට මට අවස්ථාව ලැබුණි.
ඒ අනුව යාල්දේවි දුම්රියෙන් ඉඳහිට මම යාපනයට ගිය වාර අපමණය. චන්ද්‍රා වීරවර්ධන, ප්‍රසන්න හෙන්නායක, බන්ධු එස්. කොඩිකාර, සරණපාල පමුණුව, ධර්මසිරි අබේගුණසේකර, ප්‍රියන්ත හෙට්ටිගේ, මංගල වීරසේකර, චන්ද්‍රසිරි වීරසිංහ, නිල්ටන් ගලබඩගේ, නිහාල් චන්ද්‍රකුමාර, යූ. එන්. පෙරේරා, මංගල වීරසේකර, ශ්‍රී ලාල් ගෝමස්, ඇතුළු පිරිස ප්‍රවෘත්ති රාජකාරියේදී අප සමග නිබඳව රැඳුනහ.
එදා සිට ‘දිවයින’ට එක්වූ කාන්තා මාධ්‍යවේදිනියන් ද සිදුකළ කැපවීම ද මට සිහිපත් කළේ ප්‍රධාන කර්තෘතුමාය. එවක ‘දිවයින’ කර්තෘ මණ්ඩලයේම පසෙක තිබූ ‘නවලිය’ කතු පදවිය හෙබවූ දෙපළක වූ ප්‍රියංගනී ගුණවර්ධන හා චාන්දනී විජේතුංගත් සිබිල් වෙත්තසිංහ (බිංදු කර්තෘ) ‘දිවයින’ට කැපවූ පද්මා වේරගොඩආරච්චි, පුෂ්පා ඉලංගන්තිලක, කහවනුගොඩ, ජයන්ති මෙන්ඩිස්, දීප්ති අධිකාරි හා ක්‍රිෂාන්ති පීරිස් ද ඒ පිරිස අතර වෙති.
එමෙන්ම ජෙයරාජ් ප්‍රනාදුපුල්ලේ ඝාතන සිද්ධියේදී එදා ඔහු සහභාගි වූ උත්සවය වාර්තා කිරීමට ගොස් තම ජීවිතය බේරාගත් වත්මන් ඡායාරූප කර්තෘ නිශාන් එස්. ප්‍රියන්ත ද මට මෙහිදී සිහිපත් වේ. ධර්මසේන වැලිපිටිය, රියෙන්සි විජේරත්න, කේ.ඩී.එස්. ගුණසේකර, ජයන්ත මනමේන්ද්‍ර, එරංග ජයවර්ධන, ටී.සී. පෙරේරා, විදත් ජයවර්ධන, කමල් බෝගොඩ, නිමල් දයාරත්න, සිරිපාල හල්වල, ජූඩ් ඩෙන්සිල් පතිරාජ, කමල් වන්නිආරච්චි, සමන් රණවීර යන ඡායාරූප ශිල්පීහු මට අමතක වුණ නම් මට මතක්කර දුන්හ.
ශාන්ත කේ. හේරත්, කරුණාදාස සූරියආරච්චි, අනුර සිරිවර්ධන, චන්ද්‍රසිරි කටුදෙණිය, මුදිත කාරියකරවන,දේශප්‍රිය දිසානායක, ඩබ්. කේ. ඩී. නවරත්න, රෝහණ වෙත්තසිංහ, පී. මල්දෙණිය, අනුර හොරේෂස්, විමලසේන ඉහළගම, රූපසිරි විiාරත්න, චතුර විiාරත්න, ගයනල් මුණසිංහ, සමන් ගමගේ, සරත් ධර්මසේන, පියසේන දිසානායක, අශෝක ගුණතිලක, සුසිල් ප්‍රේමලාල්, අශෝක වන්නිආරච්චි, හර්ෂණ ජයතිලක, මංගල ධර්මප්‍රේම, රංජන් පරණවිතාන, අරුණ රාජිත, යාපා කරුණාරත්න, දයා ලංකාපුර, සරත් අබේගුණවර්ධන, විනී හෙට්ටිගොඩ, ගුණපාල හේමචන්ද්‍ර, එම්. එස්. එම්. අයුබ්, සුන්දර නිහතමානි ද මෙල්, ලක්‍ෂ්මන් පියසේන, ඇසළ ජයසේන, ටී. චන්ද්‍රසේකර, ගාමිණි ජයලත්, ඉන්ද්‍රපාල නානායක්කාර, තිස්ස ප්‍රේමසිරි, සුසිල් ප්‍රේමලාල්, වසන්ත කුමාර කෙත්හේන, ජයන්ත චන්ද්‍රසිරි, සිසිර පරණතන්ත්‍රි, නිලන්ත මදුරාවල, අජිත් අලහකෝන්, සමන් කළුආරච්චි, ජානක ලියනාරච්චි, රවීන්ද්‍ර විජේවර්ධන, ශිරාන් රණසිංහ, සිරිල් විමලසුරේන්ද්‍ර, රශී වීරසිංහ, කිත්සිරි නිමල්ශාන්ත, තවත් නම් බොහෝය. අමතකවී නම් සමා වන්න.
‘දිවයින’ පුවත් පත් සමාගමේ ප්‍රවාහන අංශයේ එදා කළමනාකාරව සිටි වසන්ත ජයවර්ධන, වර්තමානයේදී එම නිලය දරන සිරිල් පතිරණ හා සරත් කුමාරසිරිත් රියැදුරු මහත්වරු වන සෝමදාස, සෝමසිරි, කේ. නන්දසිරි, නන්දදාස, මහින්ද, ලොකු රංජිත්, පොඩි රංජිත්, කරුණාරත්න, කරුණාපාල, පීරිස්, ගුණසේකර ඇතුළු සියලුම මහත්වරුන් හෝමාගම මුද්‍රණ අංශයේ එවකට හිටපු සේවක මහත්වරුන් මේ මොහොතේ සිහිපත් කරමු.
‘දිවයින’ පත්‍රයේ ආරම්භයේ සිට සහෝදර ‘දී අයිලන්ඩ්’ පුවත්පතේ මාධ්‍යවේදනී සැනීටා කරීම් මහත්මිය අද වනතුරු සේවය යෙදෙන්නීය. එමෙන්ම දිවයින ආරම්භ සිට ම අද දක්වාම දිවයින පුවත්පතේ සේවය කරන ඇන්ස්ටන් වීරසිංහ, කෘතහස්ත කාටුන් ශිල්පී ඩබිලිව්.ආර්.විජේසෝම මහතාගේ කාටුනය මෙන්ම ජනක රත්නායකගේ චිත්‍ර කතාවලින් දිවයින පුවත්පත තවතවත් ඔපවත් විණි.
පත්තර විකණීමට ජීවිතය කැප කළ වෙළෙඳ, මහතුන් මෙන්ම අපේ හෝමාගම මුද්‍රණාලයේ සියල්ලන් ද එදා මෙදාතුර දිවයින අපට ශක්තියක් වූ සියලුම අංශවල සේවක සේවිකාවන් ද අපි මෙහිදී සිහිපත් කරන්නෙමු.
නෝමන් පලිහවඩන
ඡායාරූප
උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිතුමා
උපාලි පුවත්පත් සමාගමේ කාර්යාලයට ගෙවදීම සිදුවූදා කිරි උතුරවමින්… එඩ්මන්ඩ් රණසිංහ, දයාරත්න රණසිංහ,මෙරිල් පෙරේරා යන මහතවරුසහ වර්තමානයේ නීතිඥවරයකු වන ගයිරුක පේරුසිංහ
දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මැතිතුමා ලියන ලද ග්‍රන්ථයක් දොරට වැඩි මොහොතක්. උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනි ලක්මණි ආර්. වෙල්ගම මැතිනිය, සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතා, දයාවංශ ජයකොඩි, නාරද නිශ්ශංක හා කුලරත්න කුරුකුලසූරිය ද මෙහි වෙති.