වසර 5කට පසු ශී‍්‍ර ලංකාවට ඔස්ටේ‍්‍රලියාවේදී විස්සයි විස්ස ජයක්

462

ඔස්ටේ‍්‍රලියාවේදී පිට පිටම ලැබූ පරාජයන් වැළට තිත තබමින් ඊයේ (20 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි විස්ස කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 5ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්විය. එ් අනුව සත්කාරක ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමට ශී‍්‍ර ලංකාවට එරෙහිව පූර්ණ විස්සයි විස්ස තරගාවලියක් ජයග‍්‍රහණය කිරීමේ අවස්ථව අහිමි කරමින් දෙරට අතර තරගාවලිය 4-1ක් ලෙස ගෞරවාන්විතව අවසන් කර ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවිය.

 ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව පිට පිටම ලැබූ විස්සයි විස්ස පරාජයන් 9කට පසු සහ වසර 5කට පසු ශී‍්‍ර ලංකාව ලද පළමු ජයග‍්‍රහණය මෙය වන අතර ශී‍්‍ර ලංකාව ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව අවසන් වරට විස්සයි විස්ස තරගයක් ජය ගෙන තිබුණේ 2017 වසරේ පෙබරවාරි 19 වැනිදා ඔස්ටේ‍්‍රලියාවේ සීමොන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදීය.

 මෙල්බර්න් හිදි ඊයේ පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසනදී කඩුලූ 6ක් දැවී ලකුණු 154ක් රැුස් කළේය. එ් අනුව ජයග‍්‍රහාහි ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග‍්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

 අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම් 10කට පසු ලකුණු අතරට පිවිසීමට සමත්වූ කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේදී ජයග‍්‍රාහි ශී‍්‍ර ලංකා ඉනිමේ නියමුවා බවට පත්විය. එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සමගින් පිටියට පැමිණි මෙන්ඩිස් පන්දු 58ක් තුළ නොදැවී ලකුණු 69ක් රැුස් කිරීමට සමත්වූයේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරකින්ද සත්කාරකයන්ට සංග‍්‍රහ කරමිනි.

 මෙන්ඩිස් සමගින් 5 වැනි කඩුල්ලට පිටියට එක් වූ නායක දසුන් ශානක අනෙක් අන්තයෙන් සංයමයෙන් යුතුව පිති ප‍්‍රහාරයේ යෙදෙමින් ශී‍්‍ර ලංකා ඉනිම ජයග‍්‍රහණය සඳහා මෙහෙයවීට සමත්විය. එ් අනුව දසුන් ඊයේ දිනයේදී පන්දු 31කදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 35ක් රැස් කළේය. තරගයේ අවසන් පන්දු වාරයේ සිව්වැනි පන්දුවේදී දසුන්ගේ ඉනිම නිමා වෙද්දී ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහණයට එක් ලකුණක් පිටුපසින් පසුවිය.

 ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඊයේ ජාත්‍යන්තර විස්සි විස්ස වරම් දිනූ කමිල් මිශාර සහ ජනිත් ලියනගේ දෙනොම දුවද්දී දැවී යෑමකට හසුව පටියෙන් ඉවත්වූ අතර එහිදී ඔවුන් පිළිවෙලින් ලකුණු 1 සහ 8 බැගින් ලබා සිටියේය.

 ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ පළමු පන්දු වාර 5 තුළදී පන්දුවෙන් දැඩි තර්ජනයක් එල්ල කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එ් අනුව පළමු පන්දු වාර 5 නිමාවට පත්වෙද්දී ඔස්ටේ‍්‍රලියානු ඉනිම කඩුලූ 2ක් දැවී ලකුණු 13ක් ලෙස සටහන්වීම කැපී පෙනුනි.

 හය වැනි කඩුල්ලට පිටියට එක් වූ මැතිව් වේඞ් සහ ඩැනියෙල් සෑම්ස් ලකුණු 64ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැ`ගීමට සමත්වීම මත ලකුණු 150 සීමාව පසුකර යෑමට ඔස්ටේ‍්‍රලියාවට හැකියාව ලැබිණි. එහිදී මැතිව් වේඞ් පන්දු 27කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 43ක් වාර්තා කිරීමට සමත්විය.

 ලකුණු සාරාංශය

 ඔස්ටේ‍්‍රලියාව පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 154යි (ජෝස් ඉන්ග්ලිස් 23, ග්ලේන් මැක්ස්වෙල් 29, මැතිව් වේඞ් (නොදැවී) 43, ඩැනියෙල් සෑම්ස් 18, ළහිරු කුමාර 34/2, දුෂ්මන්ත චමීර 30/2, ප‍්‍රවීන් ජයවික‍්‍රම 29/1, චාමික කරුණාරත්න 32/1)

 ශී‍්‍ර ලංකාව පන්දු වාර 19.5කදී කඩුලූ 5ක් දැවී ලකුණු 155යි (කුසල් මෙන්ඩිස් (නොදැවී) 69, චරිත් අසලංක 20, දසුන් ශානක 35, පැතුම් නිස්සංක 13, කේන් රිචඞ්සන් 28/2, ඇස්ටන් ආගර් 19/1)

advertistmentadvertistment
advertistmentadvertistment