ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකර කළ හැකි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමේ කටයුතු සිදු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ ජනාධිපති ධුරයේ සිටිමින් නිල නිවසක් තීරණය කළ නොහැකි බව සඳහන්ව ඇතැයි පැවසූ අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයකුට ලබාදිය යුත්තේ උචිත නිල නිවසක් මිස සුඛෝපභෝගී මාලිගා නොවන බවද කීවේය.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද උචිත නිවසක් ලබාදිය හැකි බැවින් දැනට සිටින විජේරාම නිවසින් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවසීය.
දැනට පවතින යල් පැන ගිය ව්‍යවස්ථාව වර්තමාන සමාජයට ගැළපෙන පරිදි සංශෝධනය කරන බවත් තම රජය බලයට පත්වූයේ එම පොරොන්දුව ඉටු කිරීම සඳහා බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.