ලංගමයේ 177 කට පඩියටත් වැඩිය කෝටියක ඕටී

141

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කිසිදු සීමාවකින් තොරව නිලධාරීන් 177 දෙනකු සඳහා මාසික වැටුප ද ඉක්මවා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂ, හැත්තෑ තුන්දහස් හත්සිය පනස් හතරක (12,573,754) මුදලක් 2021 වර්ෂයේ දී අතිකාල දීමනා ලෙස ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අතිකාල දීමනා ගෙවිය යුතු වන්නේ අදාළ කටයුත්ත ඉටුකිරීමට අන් කිසිම මාර්ගයක් නැති හදිසි වූ ද සාමාන්‍ය වෙලාවේදී කළ නොහැකිවූ ද වැඩ සඳහා පමණක් වුවද මණ්ඩලයේ සේවකයන්ට සීමාවකින් තොරව අතිකාල දීමනා ලබා දී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීහු 708 දෙනෙක් රාජකාරි ඉටුකරති. එහෙත් විගණනය මගින් කරනු ලැබූ නියැදි පරීක්ෂාවේ දී නිලධාරීන් 177 දෙනකු සඳහා මාසික වැටුප ඉක්මවා අතිකාල දීමනා ගෙවා ඇති බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මේ පිළිබඳ ලංගමයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ලංගමයේ මූල්‍ය බලතල පවරාදීම අනුව අතිකාල දීමනා සම්බන්ධව අනුමැතිය ලබාදිය හැකි නිලධාරීන්ගේ අනුමැතිය මත අතිකාල සඳහා ගෙවීම් සිදුකර ඇති බවය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment