සාමණේර හිමිවරුන් අපයෝජනය කළැයි නාවලපිටියේ භික්ෂුවක් රිමාන්ඩ් භාරයට

541

නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 08 දින එම විහාරස්ථානයේ වැඩ සිටි හික්ෂුවක් අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් හර්ෂණි රාජකරුණා මහත්මිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර භික්ෂුව මේ මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.

අපයෝජනයට ලක්වූවේ යැයි කියන සාමණේර හිමිවරුන් තිදෙනා සහ එම විහාරස්ථානයේ වැඩ සිටින සෙසු සාමණේර හිමිවරුන්ද නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නාවලපිටිය පොලිසියට නියෝග කළාය.

ළමා ආරක්ෂන අධිකාරිය වෙත ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකර සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment