බන්ධනාගාරයේ ඉන්න තාත්තාට බත් ඇතුළෙන් කුඩු ඇදලා – 15 හැවිරිදි දියණිය සහ තවත් අයෙක් අත්අඩංගුවට

518

ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාර ගතව සිටින රැුඳවියකුට බත් පාර්සලය තුළ බහා ඉතා සූක්ෂම ලෙස මත්කුඩු පැකට් හතරක් රැගෙන ආ එම රැඳවියාගේ පහළොස් හැවිරිදි දියණිය හා තවත් අයකු ඊයේ (29 දා) දහවල් අත්අඩංගුවට ගත් බව ගාල්ල බන්ධනාගාරය පවසයි.

මෙකී රැඳවියා මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කර සිටින අයෙකි. රැුඳවියාට රැුගෙන එනු ලැබූ කෑම පාර්සලයේ සෝයාමීට් කැබලිවල සඟවා ඉතා සූක්ෂම ලෙස කුඩා ප‍්‍රමාණය මත්කුඩු පැකට් හතරක් ගෙන විත් ඇත.

අත්අඩංගුවට පත් දෙදෙනා මත්කුඩු සමග ගාල්ල පොලිසියට භාරදීමට නියමිතව තිබුණි.

ගාල්ල ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment