පැනගිය කන්දකාඩු රැදවියන් පිරිසක් අත්අඩංගුවට

211

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ සවස පළාගිය රැඳවියන් අතරින් 102 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, රැඳවියන් 139 දෙනෙකු පමණ ඊයේ පස්වරුවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බවය.තවත් රැඳවියන් 37 දෙනෙකු සෙවීම සඳහා පොලීසිය සහ යුද හමුදාව මෙහෙයුම්වල නිරතවන බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment