රත්ගම වෙඩි තැබීමක්

841


රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටි. නිමල් මහතාගේ නිවස අසල වූ වෙඩි තැබීමකින් හය දෙනෙකු සුළු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.
අද රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත. දෙසීයකට අධික අරගල කරුවන් පිරිසක් රත්ගම ගනේගොඩ පිහිටි සභාපතිවරයාගේ නිවසට පැමිණ පහර දී ඇත.දෙපාර්ශවය අතර ඇතිවූ මෙම ගැටුමේදී වෙඩි හුවමාරුවක් වී ඇති අතර එහිදී හය දෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත .
රත්ගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

advertistmentadvertistment
advertistmentadvertistment