2019 දී ඇමෙරිකාවේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, කුඩා චලන රාශියක් එක්ව ගත් කල එය සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවයි. හොඳ හා වේගවත් ව්‍යායාමවලට ඔබ කැමති නම් එය දිගටම කරගෙන යන්න. ඔබ ඊට අකැමැති නම්, අවදි වී ඔබමොබ යෑම පවා විශාල වෙනසක් ඇති කරයි.
ශාරීරික වශයෙන් නිරතුරුවම ක්‍රියාශීලීව සිටීම නිසා ආතතිය පහත වැටෙන අතර, මනෝභාවය වැඩිදියුණු වීමටත්, විශාදය හා කාංසාව ඇතිවීමේ අවදානම අඩුවීමටත් එය උපකාරී වේ.
මහාචාර්ය ස්කොට් ලියර් යනු කැනඩාවේ වැන්කුවර් හි පිහිටි ශාන්ත පෝල් රෝහලෙහි ෆයිසර් හදවත් හා ආඝාත පදනමෙහි හෘදවාහිනී රෝග වැළැක්වීමේ පර්යේෂණ පිළිබඳ ප්‍රධානියා වේ. ඔහු බීබීසීය සමග පැවසූයේ, ඕනෑම අයෙකුට ප්‍රීතියෙන් යුක්තව නියැලිය හැකි ඕනෑම ව්‍යායාමයක් එම තැනැත්තාට හොඳම ව්‍යායාමය වන බවයි.
“ව්‍යායාම සහ මනෝභාවය හා මානසික සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණවල වැඩි වශයෙන් අවධානය යොමු වන්නේ මැදහත් ආකාරයට සිදු කරන ක්‍රියාකාරකම්වලටයි. නිතරම වාගේ ක්‍රියාශීලීව ඉන්නා පුද්ගලයින් අතර විශාදය හා කාංසාව වැනි මානසික ආබාධවලට ලක්වීමේ අවස්ථාව අඩුයි.