වාද්දුව,තල්පිටිය රත්නායක පාරේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කළ වෑන් රථයක් දුම්රියක ගැටී සිදුවු අනතුරින් තරුණියක් තුවාල ලබා ඇත.
දකුණු කළුතර සිට මරදාන දක්වා ගමන් ගත් මන්දගාමී දුම්රියක එලෙස වෑන් රථය ගැටී තිබුණු අතර එහිදී තරුණ යුවළ පෙම්වතුන් යුවලක් ගමන් ගත් වෑන් රථය දුම්රියේ එංජිම කොටසේ සිරවී තිබේ.
වෑන් රථයේ දකුණු පස සිටි පුද්ගලයා ප්‍රදේශවාසීන් බේරාගෙන තිබු අතර වම්පස සිටි කාන්තාව පැයකට ආසන්න කාලයක් දුම්රිය හා වෑන් රථය අතර සිරවී සිටි ඇත.
පසුව ප්‍රදේශවාසීන් සහ කළුතර නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය පැමිණ මහත් වෙහෙසක් දරා සිරවී සිටි කාන්තාව බේරාගෙන ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අනතුරින් ඇයගේ පාදයකට තුවාල සිදුව තිබුණි.