තල්දෙන පුනරුත්ථාපන කඳවුරෙන් 9 ක් පනිති 2 ක් අල්ලයි : 7 ක් අතුරුදන්

205

තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලබන රැඳවියන් 09 දෙනෙකු ඊයේ (17 දා) අලුයම පැනගොස් ඇති අතර ඉන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

පැන ගිය රැඳවියන් මුස්ලිම් ජාතිකයන් වන අතර ඔවුන් එළිමහන් සිරකඳවුරේ රාමසාන් උපවාසයේ යෙදී සිටියදී පළාගොස් ඇත.

ඊයේ අලුයම 1 ට පමණ මෙසේ කඳවුරෙන් පළාගිය රැඳවියන් සොයා සිදුකළ මෙහෙයුමේදී රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටින බවත්, අනෙක් පිරිස සොයා බන්ධනාගාර නිලධාරීන් සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් ඒකනායක මහතා කීය. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරි විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද ඒකනායක මහතා පැවසීය.
චමින්ද සිල්වා, සමරකෝන් බණ්ඩාර – බදුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment