රුපියල් තුනක තිරිඟු පිටි රේගු බදු සහනය ඉවතට

77

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බවත්, ඒ හේතුවෙන් තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මාධ්‍ය වෙත ඊයේ (07දා) අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනය වන තිරිඟු පිටි සඳහා ලබා දී තිබූ කිලෝවට රුපියල් තුනක් වූ රේගු බද්ධ නැවත පැනවීම මගින්, 90% ක් තරම් වූ යැපුම් මට්ටමේ වී ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා තිරිඟු පිටි මිල කළමනාකරණය කිරීම සිදු කරන බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment