වැග්නර් නායකයාගේ අවසන් කටයුතු රහසේම

597

ඉකුත් සතියේ සිදු වු පුද්ගලික ජෙට් යානා අනතුරකින් මිය ගිය වැග්නර් කුළි හමුදාවේ නායක යෙව්ජෙනි ප්‍රිගොසින්ගේ අවසන් කටයුතු රුසියාවේ පිහිටි ඔහුගේ උපන් ප්‍රදේශයේ සුසාන භූමියකදී පවුලේ සාමාජිකයන්ගේ හා සමීප හිතවතුන්ගේ සභභාගිත්වයෙන් අප්‍රසිද්ධියේ පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ “පොරොකොව්ස්කොයේ” සුසාන භූමියේදී පෙරේදා දිනයේ බාහිර පුද්ගලයන්ගෙන් තොරව පවුලේ සාමාජිකයන් හා සමීප හිතවතුන්ගේ පමණක් සහභාගිත්වයෙන් මිය ගිය 62 හැවිරිදි ප්‍රිගොසින් ගේ අවසන් කටයුතු සිදු කර ඇති බව වාර්තා වේ.ප්‍රිගොසින්ගේ අවසන් කටයුතු සිදු වන,අවස්ථාවේ සුසාන භුමියට බාහිරින් පුද්ගලයන් ඇතුළු වීම වැළැක්විම සදහා රුසියානු ජාතික ආරක්ෂක බළකායට අයත් භටයන් රැකවල් ලා,සිටි බවත් රුසියානු ජාතික ධජය හා වැග්නර් කුළී හමුදාවේ ධජය මල් කළඹවල්වලින් ආවරණය කර,ඇති ප්‍රිගොසින්ගේ සොහොන් කොත අසළ ඔසවා ඇති බව රුසියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.


advertistmentadvertistment