විජයදාසගේ වාරණය යළි දිගුවේ

98

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීමට වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන බව කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.
ඒ අනුව අදාළ උත්තර හා විරෝධතා ගොනුකිරීමට ජූලි මස 18 වැනිදා දක්වා කල් දුන් අතර වාරණ නියෝගය ජූනි මස 28 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටත් නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment