විජයදාසට කීර්තිට පැනවූ වාරණය දික් කරයි

36

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වයේ සභාපතිවරයා ලෙස හා වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් ආචාර්ය විජයදාස රාජපක්ෂ හා නීතිඥ කීර්ති උඩවත්ත යන මහත්වරුන්ට නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 14 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය ඊයේ (03දා) නියෝග කළාය.

දුමින්ද දිසානායක මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් එම වාරණ නියෝගය මුල්වරට නිකුත්කොට තිබිණි. එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශ්වය අමතමින් විවෘත අධිකරණය හමුවේ කරුණු දැක්වූ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් පිළිබඳවම තම අධිකරණය මේ වනවිටත් නියෝග ලබාදී ඇති බැවින් එම පෙත්සම වෙනත් අධිකරණයක් හමුවට යොමු කරන බව පෙන්වා දුන්නේය.

නීතිඥ සනත් විජේවර්ධන හා නීතිඥ අමිල දිසානායක යන මහත්වරු පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment