විජයදාස ගැන ‘නෝ කතා’ – මහින්ද චින්තනය අනුගමනය කරන ජනපති අපේක්ෂකයකුට පොහොට්ටුවේ සහාය

40

රටට ආදරය කරන, රටේ ඒකීය භාවය රකින සහ මහින්ද චින්තන වැඩපිළිවෙළ අනුගමනය කරන ජනාධිපති අපේක්ෂකයකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදිය යුතු බවට එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ඊයේ (24දා) තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් විජයරාම මාවතේ පිහිටි නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාව රැස්වුණු අතර එහිදී පක්ෂයේ නව තනතුරක් වූ ජාතික කැඳවුම්කරු ලෙස පත් කරන ලද රෝහිත අබේගුණවර්ධන මහතාට කාරක සභා අනුමැතිය හිමි වූ බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

කාරක සභා අනුමැතියෙන් පසු පක්ෂ සමාජිකයන් විවිධ අදහස් ප්‍රකාශ කළත් ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම හෝ ඔහු ගැන සාකච්ඡාවීමක් සිදුනොවූ බවද කාරියවසම් මහතා කීය.

එරික් ගාමිණී ජිනප්‍රිය – චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment