විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ “හුස්මක් ව්‍යාපෘතිය’ යටතේ මල්වතු හිරිපිටිය රෝහලට රුපියල් ලක්ෂ 15ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

33

මහර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අතුල ඉන්දික මහතාගේ ඉල්ලීමකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ “හුස්මක් ව්‍යාපෘතිය” යටතේ මල්වතුහිරිපිටිය – රෝහලට රුපියල් ලක්ෂ 15ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමක්, එම රෝහලේදී විපක්ෂ නායකවරයාගේ අතින් සිදු කෙරිණි. එම වෛද්‍ය උපකරණ එම රෝහලෙහි ප්‍රධාන වෛද්‍ය නිලධාරි උමේෂ් ලොකු කංකානම්ගේ මහතා වෙත භාරදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා අමුණුකුඹුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති ගල්කිරියාගම සීලානන්ද, මාලිගාතැන්න විවේක සේනාසන වාසී මාලිගාතැන්නේ සුසීම හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, මහර ආසන සංවිධායක හසිත් ගුණසේකර, හිටපු ප්‍රා.සා. මන්ත්‍රී අතුල ඉන්දික යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්වූහ.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් සම්බන්ධ කරගෙන අතුල ඉන්දික මහතා මේ වනවිටත් මෙම රෝහලට රුපියල් ලක්ෂ ගණනාවක ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සෙසු අවශ්‍යතා සපයාදීමට කටයුතු කර ඇත.

නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment