විමල් වීරවංශයන්ගේ නවතම පර්යේෂණාත්මක කෘතිය “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කෙරේ!

97

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය, “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට් හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) පසුගිය (16දා) සිදු කෙරිණි.

මෙහිදී විමල් වීරවංශ මහතා විසින් සාහිත්‍යසූරී, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී සොනාලි වඩුගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ප්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙනිය, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් යන විද්වතුන්ට කෘතිය පිළිගන්වනු ලැබිණි.

විමල් වීරවංශයන්ගේ නවතම පර්යේෂණාත්මක කෘතිය “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කෙරේ!

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම කෘතිය ජනගත කිරීමේ උළෙලෙහි ආරාධිත දෙසුම් සිදු කළ අතර කතුවර දේශනය විමල් වීරවංශ මහතා සිදු කළේය.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජයන්ත සමරවීර මහතා විසින් පැමිණි පිරිස පිළිගනු ලැබූ අතර මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ, මහාචාර්ය චන්න ජයසුමන, ගාමිණී වලේබොඩ, ජගත් ප්‍රියංකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment