ඔබේ අනාගත සහකරුවා හමුවන අයුරු හත්වැන්න අධිපතියාගෙන් දැන ගන්න

411

මෙලොව උපතලත් තරුණ තරුණියෝ බොහෝ දෙනෙකු විවාහවන්නේ කවරදාද, සහකරුගේ හැඩරුව, ගතිගුණ ආදිය පිළිබඳවත් යුගදිවියට ඇතුළත් වීමෙන් පසු මුහුණපෑමට සිදුවන ගැටලූ ආදී බොහෝ කරුණු කාරණා පිළිබඳවත් කල්පනා කරයි. ජන්ම කේන්ද්‍රයේ හත්වැන්න අධිපති ග්‍රහයාගෙන් ඔබ සැමට එම කරුණු සනාථ කර ගත හැක. එය දැන ගැනීම සඳහා පළමුව ඔබ උපන් ලග්නය අනුව 7වැන්න අධිපති ග්‍රහයා කව්දැයි කියා පහත සටහනින් දැනගන්න.

  1. මේෂයට – ශුක්‍ර
  2. වෘෂභයට – කුජ
  3. මිථුනයට – ගුරු
  4. කටකයට – ශනි
  5. සිංහයට – ශනි
  6. කන්‍යාවට – ගුරු
  7. තුලාවට – කුජ
  8. වෘශ්චිකයට – ශුක්‍ර
  9. ධනුවට – බුධ
  10. මකරයට – සඳු
  11. කුම්භයට – රවි
  12. මීනයට – බුධ
ඔබේ අනාගත සහකරුවා හමුවන අයුරු හත්වැන්න අධිපතියාගෙන් දැන ගන්න
  • මේ ආකාරයට ඔබේ කේන්ද්‍රයේ හත්වැන්න අධිපති ග්‍රහයා කව්ද. එම ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ සිටින්නේ කීවෙනි කොටුවේ දැයි කියා බලා ඊට පසු ඔබේ හිමිකරු ඔබට හමුවන්නේ කොතැනකදී ද යන්න මෙසේ පෙන්වා දිය හැකිය.
  • හත්වැන්න අධිපති ග්‍රහයා කේන්ද්‍රයේ පළමු වැන්නේ නම් කිසිම මහන්සියකින් තොරව ඔබට ඔබේ හිමිකරු හමුවේ. හිතවතුන්ගේ මාර්ගයෙන් ඔහු හෝ ඇය දැන හඳුනා ගැනීමට ලැබෙනු ඇත. එසේ නැති නම් ඔබ දන්නා හඳුනන අයෙකු පිළිබඳව යෝජනාවක් ගෙන එයි. හිතවතුන්ගේ උපකාර ද එයට ලැබේ. ඔබ දෙදෙනා නිතර නිතර හමුවන අය බව ද පැවැසේ. දැන හඳුනන අයකු ද වීමට ඉඩ ඇත. කෙසේ වුවත් මංගල යෝගයක් ඔබට උදාවන තුරු සහකරුගේ ප්‍රේමය දිනා ගැනීමට උත්සුකවීමට සිදු වේ. මංගල යෝගයක් උදාවූ කල්හිම ඔබ දෙපල අතර පෙම් සබඳතාවක් ඇති වේ.
  • හත්වැන්න අධිපති ග්‍රහයා දෙවැන්නේ නම් පෙම් හසුන් මඟින් හෝ වර්තමානයේ නම් දුරකථන ඇමතුම් තුළින් නැතිනම් ජනප්‍රියතාවයක්, මුදල් ගනුදෙනුවක් ධනවත්කම හෝ කලක සිට පැවැති සබඳතාවයක් මුල්කරගනිමින් සහකරු හෝ සහකාරිය හමු වේ.
  • හත්වැන්න අධිපති ග්‍රහයා තුන්වැන්නේ නම් සහෝදරියන් හෝ ඥාතීන්ගේ මාර්ගයෙන්, ගමන් බිමන්වලදී තරග විභාග, සම්මුඛ පරීක්‍ෂණයකදී හෝ රැස්වීමකදී හමුවීමට පුළුවන. සමහර විට අසල්වැසි තරුණයකු හෝ තරුණියක වීමට ද පුළුවන.
  • හත්වැන්න අධිපති ග්‍රහයා හතරවැන්නේ නම් කලක සිටම හඳුනාගෙන පෙම් කළ සහකරු, සහකාරියක් විය යුතුයි. මව් පාර්ශ්වයේ ඥාතීන් මාර්ගයෙන් දැන හඳුනාගත් අයකු වේ. නිතර ඔබේ නිවසට එන යන අයකු ද වේ. එයට අමතරව දේපළ පිළිබඳ කටයුත්තකදී ද හමුවීම සිදුවිය හැකිය.
  • හත්වැන්න අධිපති ග්‍රහයා පස්වැන්නේ නම් විවාහයට ලැබෙන සහකරු හෝ සහකාරිය ඔබට මුණ ගැසෙන්නේ උත්සව අවස්ථාවකදී හෝ නාට්‍ය, චිත්‍රපට, නැටුම් ආදී කටයුතුවල යෙදී සිටියදී විය යුතුය. විනෝද චාරිකා, සංගීත සංදර්ශනයකදී හෝ ඔබ දෙපල හමු විය හැක.
  • හත්වැන්න අධිපති ග්‍රහයා හයවැන්නේ නම් ඔබගේ මව් පස ඥාතියෙකු මාර්ගයෙන් හෝ සමාජ සේවා කටයුතු කරන වේලාවකදී යම් කරදරයක් වූ විට උදව් කිරීමට ගිය විටක ඔබේ සහකරු හෝ සහකාරිය හමුවීමට ඉඩක් ඇත.
  • හත්වැන්න අධිපති ග්‍රහයා හත්වැන්නේම තැන්පත්ව නම් තම කැමැත්ත අවශ්‍යතාවය අනුව නොව සහකරුගේ ඉල්ලීම මත විවාහය පිළිබඳ තීරණයක් ගැනීමට සිදු වේ. නැති නම් එකට එක්ව රැකියාව කරන හෝ ව්‍යාපාර කටයුතු කරන විට හිතවතෙකු මාර්ගයෙන් හඳුනාගත් අයකු සමඟ විවාහය සිදු වේ.
  • හත්වැන්න අධිපති ග්‍රහයා අටවැන්නේ නම් රෝහලකදී, හදිසි අනතුරක් සිදුවූ තැනකදී, කරදරකාරී පීඩාකාරීව දුක්බර අවස්ථාවකදී ඔබේ සහකරු හෝ සහකාරිය හමු වේ.
  • හත්වැන්න අධිපති ග්‍රහයා නවවැන්නේ නම් සහකරු හෝ සහකාරිය දෙමාපිය ඥාතීන්ගේ මාර්ගයෙන් හඳුනා ගැනීමට ලැබෙන අතර සමහර විට මංගල යෝජනා මාර්ගයෙන් හෝ විනෝද ගමනකදී, වන්දනා ගමනකදී විදේශයකදී ඔහු හෝ ඇය හමුවීමට ලැබේ.
  • හත්වැන්න අධිපති ග්‍රහයා දහවැන්නේ නම් රැකියා කරන ස්ථානයකදී අතරමඟකදී පිටතට ගිය විටකදී හෝ හමු වේ.
  • හත්වැන්න අධිපති ග්‍රහයා එකොළොස් වැන්නේ නම් ඔබේ සහකාරිය හිතවතුන්ගේ මාර්ගයෙන් දැන ඇඳින ගත් අයෙකු විය හැක. නැතිනම් සහෝදරයන්ගේ මාර්ගයෙන් හෝ හදිසි ධනලාභ වාසි ලැබෙනු අවස්ථාවකදී ඇය හෝ ඔහු හඳුනා ගැනීමට ලැබේ.
  • හත්වැන්න අධිපති ග්‍රහයා දොළොස්වැන්නේ නම්, උසාවි, පොලිසි, බන්ධනාගාරයකදී, රෝහලකදී නැතිනම් පිට පළාතකදී හෝ විදේශයක දී ඔබ දෙපල හමු වේ.

ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවල 7වැන්නේ යෙදෙන ග්‍රහ පිහිටීම් අනුව ඔබගේ ජීවන සහකරු කවදා කෙසේ හමුවේ ද යන්න තීරණය කළ හැක.

ඔබේ අනාගත සහකරුවා හමුවන අයුරු හත්වැන්න අධිපතියාගෙන් දැන ගන්න

ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක,
සාමවිනිසුරු, දේශබන්දු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල – 0770730062

advertistmentadvertistment
advertistmentadvertistment