පොරොන්දම් සහ ලිංගික ගැලපීම

122

අද බොහෝ අඹුසැමියන්ට බලපාන්නා වූ ලිංගික අසමානත්වය විශාල ප්‍රශ්නයකි. මෙම තත්ත්වය කිසිවකුට කිව නොහැකි ප්‍රශ්නයක් වේ. මෙම තත්ත්වයට පොරොන්දම් විස්තරයෙන් ප්‍රකාශ කර ඇති කරුණු රාශියක් තිබේ. එම කරුණු එකිනෙක ගැළපීම් ඇති වී ඇත්නම් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන බව ඉන්දීය ආචාර්යවරු ප්‍රකාශ කර තිබේ. මෙම පොරොන්දම් ක්‍රම බිහිවන්නේ ඉන්ද්‍රීය අභාසයෙන් මිස සිංහල ආභාසයෙන් නොවේ.

විසිපොරොන්දමේ පළමු පොරොන්දම වන්නේ නක්‍ෂත්‍ර පොරොන්දමයි. එය දෙදෙනා උපන් නැකත් දෙක අනුව ගණනය කරයි. ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත දක්වා ගණනය කෙරේ. එවිට ස්ත්‍රිය උපන් නැකත 2-4-6-8-11-13-17-18-20-22-24-26-27 යනුවෙන් පිහිටීම සුබ වන බව දක්වා ඇත. එසේම දෙදෙනා එකම නැකතේ වී දෙදෙනා ම එකම නැකතේ පාද 2ක සිටින්නේනම් දෙදෙනාගේම කේන්ද්‍රයේ සඳු එකම රාශියක සිටිත්නම් එවිට එම විවාහ ජීවිතය සමගිය ද – ධනය ද – පින ද – ලැබී සැපවත් වන බව දක්වා තිබේ. එම තත්ත්වය තුළ ඒ දෙදෙනාගේ ලිංගිකත්වය ද සම වීම සිදු වේ.

පොරොන්දම් සහ ලිංගික ගැලපීම

තවත් පොරොන්දමක් “ ස්ත්‍රි දීර්ඝ පොරොන්දම” ලෙස දක්වා තිබේ. එයින් ගණනය කර බලන්නේ මෙම පුරුෂයාට මෙම ස්ත්‍රිය ලිංගික වශයෙන් මනාව තෘප්තිමත් කළ හැකි ද යන්නය. එහි දක්වන්නේ මෙසේය. ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 1-2-3-4-5-6-7-8-9- යන නැකතක සිටීනම් එම පුද්ගලයාට එම ස්ත්‍රිය ලිංගික වශයෙන් සතුටු කළ නොහැකි බවයි. එම ස්ත්‍රිය දුකට පත්වන බවයි. එසේම 10-11-12-13 යන නැකතක පුරුෂයා සිටී නම් ඔහුට එම ස්ත්‍රිය සතුටු කළ හැක්කේ උපක්‍රමයෙන් බව පැවසේ. එසේම ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 14-15-16-17-18-

19-20-21-22-23-24-25-26-27 යන නැකතක හසුවේනම් එම පුද්ගලයාට එම ස්ත්‍රිය සතුටු කළ හැක. මේ නිගමනය අනුව නැවත කල්පනා කර බැලිය යුත්තේ නක්‍ෂත්‍ර පොරොන්දම් ගැනය. එම පිහිටීම ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 2-4-6-8-9-11-12-13-17-18-20-22-24-26-27 යන නැකතක් වී නම් එය සුබ බව පවසා ඇත. නමුත් ස්ත්‍රි දීර්ඝ පොරොන්දමේ දී පෙන්වන ලිංගික ගැළපීම ඇත්තේ 14 සිට 27 දක්වා නැකත්වලට පමණි. එම නිසා නක්‍ෂත්‍ර පොරොන්දමේ 2-4-6-8-9-13 වැනි නැකතක් හිමිවී එය වුවත් ස්ත්‍රි දීර්ඝ පොරොන්දම අසුබ වී ලිංගික නොගැළපීම ඇති කරයි.

මෙම ලිංගික ගැළපීම පෙන්වන අනෙක් පොරොන්දම “යෝනි පොරොන්දම” වේ. එහි එකම වර්ගයට අයත් සතකුගේ පුරුෂ යෝනිය පුරුෂයාටත් එහි ස්ත්‍රී යෝනිය ස්ත්‍රියටත් පිහිටා ඇත්නම් එය ද ලිංගික ගැළපීම එම ස්ත්‍රිය හා පුරුෂයා තුළ ඇතැයි පැවසේ. ඒ අනුව බළලා – බැළලි – මුවා – මුව දෙන – ව්‍යාඝ්‍ර – ව්‍යඝ්‍ර දෙන ආදී වශයෙනි. නමුත් එම ස්ත්‍රිය ස්ත්‍රී යෝනියකත් පුරුෂයා ද වෙනත් පුරුෂ යෝනියක සිටීනම් එය ද සුබ බව පැවසේ. මේ අතර දෙදෙනාම පුරුෂ යෝනිවල නම් එම මධ්‍යම වශයෙන් පවත.ී එම දෙපළට එතරම් තෘප්තිමත් නැති ලිංගික තත්ත්වයකට හිමිවේ. මෙම තත්ත්වය ඉස්මතු වන්නේ විවාහයෙන් ටික කාලයකට පසුවය.

මහා වෛර යෝනිය ලෙස තවත් කොටසක් තිබේ. පුරුෂයාට මූෂික හෙවත් මීයාගේ යෝනියත් ස්ත්‍රියට බැළලී යෝනියත් එකෙකුට නාග යෝනියත් අනෙකාට මුගටි යෝනියත් ඒ අනුව සිංහ – ඇත්- ගව -ව්‍යාඝ්‍ර ආදී යෝනි දෙකක දෙදෙනා සිටීනම් එය මහා වෛර යෝනියකි. විවාහයෙන් දෙවන තුන්වන දිනවල මේ නොගැළපීම් ඉස්මතු විය හැකිය. මේ අනුව විවාහ ජීවිතවලට ඇතළු වන ලිංගික නොගැළපීම නිසා පවුල් ජීවිත අවුල්වී යයි. මේ අනුව හැම

ගැහැනියකට ම හැම පිරිමියකුට ම ලිංගික ගැළපීම ඇති නොවන බවක් මෙම පොරොන්දම් පරීක්ෂාවෙන් වටහා ගතහැක. මෙසේ පොරොන්දම් පරීක්ෂාවෙන් බැලීමට අමාරු වන්නේ ඔවුන්ගේ චේතනා හෙවත් සිතුවිලි

සකස්වීම කෙසේවේ දැයි යම් මට්ටමකට දැනගත හැක්කේ කේන්ද්‍රවල පිහිටීම ගැඹුරින් අධ්‍යයනය කිරීමෙනි. ඒ නිසා මෙසේ

ලිංගික සමාන අසමානත්වය අනුව ඔවුන්ගේ අදහස් ආකල්ප බිහිවී ඇත්තේ කෙසේ දැයි යම් මට්ටමකට හෝ පරීක්ෂා කළ යුතුය.

පොරොන්දම් 20 අතර මේ සඳහා විශේෂ වන තවත් පොරොන්දමක් තිබේ. එය “මාහේන්ද්‍ර පොරොන්දමයි. ස්ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 4-7-10-13-16-19-22-25 යන නැකත පුරුෂයාගේ නැකත වී නම් විවාහයෙන් දරු සැප හා දීර්ඝායුෂ ලැබීමට හේතු වන බව පවසා තිබේ.

වෙනත් නැකතක ඉපදී ඇත්නම් එසේ නොවන බව පවසයි.

මෙහිදී උපන් නැකත් දෙකේ ස්වභාවය දක්වන නක්‍ෂත්‍ර පොරොන්දම සමග ගළපා බැලිය යුතුය. ඒ අනුව 13 නැකත වඩාත් සුබවේ. එය ලිංගික ගැළපීම මනාව පෙන්වයි. විවාහා බන්ධනය නැමැති රැහැනෙන් බැඳෙන ශාරීරික ස්ථාන ගැන කියන රජ්ජු පොරොන්දම ද මෙම ලිංගික ගැළපීමට මුල්වන තවත් පොරොන්දමකි. ශිරෝ රජ්ජු – බාහු රජ්ජු – නාභි රජ්ජු – ඌරු රජ්ජු – පාද රජ්ජු යනුවෙන් රජ්ජු 5ක් පෙන්වයි. රජ්ජු යනු බැඳීයෑම යන්නය. යුවතිපති දෙදෙනාම එකම රජ්ජුවක සිටීනම් එය අසුබ බව පැවසේ. දෙදෙනා රජ්ජු දෙකක අවරෝහණ හෙවත් බැස ගෙන යන ස්වභාවය මෙසේය. ශිරෝ – බාහු – නාභි – ඌරු පාද වශයෙනි. ආරෝහණ හෙවත් නැඟ ගෙන යන ස්වභාවය පාද – ඌරු – නාභි – බාහු – ශිරෝ වශයෙනි. මෙතැනදී පුරුෂයා ආරෝහණ රජ්ජුවකත් ස්ත්‍රිය අවරෝහණ රජ්ජුවකත් සිටීනම් එය ඉතාම සුබ විවාහයකි. එනම් පුරුෂයා බාහු රජ්ජුවෙන් ස්ත්‍රිය ඌරු රජ්ජුවෙන් සිටීම පුරුෂයා ආරෝහණත් ස්ත්‍රීය අවරෝහණ වශයෙන් ගණන් ගනී. මේ ආකාරයෙන් ගැළපීම ඒ විවාහයට ඉතාම සුබවේ. ඉතාම සුබ වන්නේ පුරුෂයාට හිමි රජ්ජුවට පහත රජ්ජුවේ ස්ත්‍රියගේ රජ්ජුව වීමය. උදාහරණයක් ලෙස පුරුෂ රජ්ජුව නාභි නම් ස්ත්‍රී රජ්ජුව ඌරු රජ්ජුව වීමෙනි.

ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලිංගිකත්වය සමවීම බැලීම මේ පොරොන්දම්වල ඇති විශේෂ තත්ත්වයකි. මෙම ගැළපීම මත එකිනෙකාගේ ප්‍රේමය තදින් රැඳී පැවැතීම සහ කරුණා ගුණය සකස් වේ. ඒ අනුව කතාබහ අදහස් හා ආකල්ප සම තත්ත්වයට පත්වේ. මේ සියල්ල ඇත්තේ මෙම ලිංගික නිවැරදි ගැළපීම මතය.

එසේම පුරුෂ කේන්ද්‍රයට ස්ත්‍රී කේන්ද්‍රය එක් කර බලනවිට ස්ත්‍රියගේ කුජ ග්‍රහයා සමග පුරුෂ කේන්ද්‍රයේ සිකුරු එක්වේ නම් හෝ ඒ ග්‍රහයන් දෘෂ්ටිවේනම් එය ද ලිංගික සමානත්වයයි.

සෑම පිරිමියෙක්ම සෑම ගැහැනියක්ම ලිංගිකව සමාන නොවේ. කේන්ද්‍රයක කුජ දෝෂය ඇත්නම් ලිංගිකත්වය දෙදෙනාගේ අසමානවේ. මේ අනුව ලිංගික ගැළපීම මනාව පවතින පවුලක සමගිය ද සතුට ද දියුණුව ද පවතී.

පොරොන්දම් සහ ලිංගික ගැලපීම

ජ්‍යොතිෂවේදී
අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය
අසල අගලවත්ත
077-2154253

advertistmentadvertistment
advertistmentadvertistment