සංගීත කණ්ඩායමේ නිවස ටයර් දමා ගිනි තබලා

601

සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යනු ලබන ගාල්ල අක්මීමන, හියාරේ ප්‍රදේශයේ නිවසක් (12) අලුයම කිසියම් පිරිසක් විසින් ටයර් දමා ගිනි තබා විනාශ කර ඇති බව එම සංගීත කණ්ඩායම (රියල් බැක්) කියයි.

නිවස මුළුමනින්ම විනාශවී ඇති අතර සංගීත භාණ්ඩවල පමණක් වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව සංගීත කණ්ඩායම පවසයි. නිවස කුලී පදනම මත ලබාගෙන

සංගීත කණ්ඩායම එහි පුහුණුවීම් ආදී කටයුතු කර ඇත. ගින්න හටගන්නා අවස්ථාවේ කිසිවකු එහි රැඳී සිට නොමැති අතර අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ගාල්ල එස්.කේ.කළුආරච්චි, ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment