ශ්‍රී ලංකාව තනි කරන්නේ නෑ: චීනය යළි සහතික වෙයි

232

මෙරට ණය ප්‍රතිව්‍යුහකරණය සඳහා තම රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන් හොන් මහතා පවසා ඇත.

මුදල් අමාත්‍යාංශය ඊයේ (08 දා) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සෙමසිංහ මහතා සමග පැවැති නිල හමුවකදී බව මුදල් අමාත්‍යාංශය පවසයි.

දීර්ඝ කාලයක් පුරා දෙරට අතර ඇති සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දක්වන බව ද මෙම සාකච්ඡාවේදී චීන තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටි බව ද මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව කිසිසේත්ම තනි නොකරමින්, පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදාගෙන යථා තත්ත්වයට පත්කර ගැනීමට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවට ද චීන තානාපතිවරයා මෙහිදී සහතික වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment