වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය අලුත් තැනකට

148

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නව වෙළඳ නාවික ලේකම් කාර්යාලය කොළඹ 10, ටෙක්නිකල් හන්දියේ අංක 79 හි පිහිටි ස්ථානයේ දී , වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද පෙරවරුවේ විවෘත කරන ලදී. මෙම ආයතනය පෙර කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි අතර එම ස්ථානය භුගත ආපදාවකට ලක්වීම හේතුවෙන් නව ස්ථානයක ස්ථාපිත කිරීමට සිදුවිය. නාවික ක්ෂෙත්‍රයේ නියැලෙන්නන්ගෙ පහසුව පිණිස මරදානේ පිහිටි මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලදී . ශ්‍රී ලංකාවේ සියලු නාවික කටයුතු වලට අදාල නීති රීති සම්පාදනය කොට නියාමනය කිරීම, ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රඥ්ප්ති වලට අනුව දේශීය නීති රෙගුලාසි සකස්කොට ක්‍රියාත්මක කිරීම, වෙලඳ නාවිකයන් සඳහා අඛණ්ඩ මුදාහැරීම් පත් (CDC) නිකුත් කිරීම , ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නාවික කපිතාන්වරුන් සහ නාවික ඉංජිනේරුවන් සඳහා ප්‍රවීණතා සහතික (COC) නිකුත් කිරීම, ‍ශ්‍රී ලංකාව තුළ පිහිටුවා තිබෙන වෙලඳ නාවිකයින් පුහුණු කිරීමේ ආයතනය අනුමත කිරීම සහ නියාමනය කිරීම, ශ්‍රි ලංකා ධජය යටතේ නෞකාවන් ලියාපදිංචි කිරීම සහ එම නෞකාවල තත්ත්වයන් පරීක්ෂාකොට සහතික නිකුත් කිරීම , ඒවායින් ගාස්තු අයකර ගැනීම වැනි ප්‍රධාන කාර්යයන් ඇතුළු නාවික ක්ෂෙත්‍රයේ සේවාවන් 12 ක් වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් සිදුකරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment