රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව ගැන විපක්ෂ නායකගෙන් චෝදනා

97


රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය,සමාජ සාධාරණත්වය උදෙසා වූ ජාතික මහජන සභාවට අනුබද්ධව නීතිඥ ප්‍රජාව සමග අද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමකදී මේ බව පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන අලු‍ත් මුහුණුවරක් ජන සමාජය තුළ නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා,මීට එරෙහිව ශක්තිමත් ලෙස පෙනී සිටිය යුතු යැයි ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment