ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වේගයෙන්ම පන්දු යවන ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සොයා පසුගියදා දක්ෂතා ගවේෂණය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
එම ගවේෂණාත්මක වැඩසටහනට දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60ක් පමණ සහභාගි වී සිටියහ.
පොළොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති එම වැඩසටහනේදී සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම වේගපන්දු යැවීමේ හැකියාව ඇගැයීමේ කුසලතා තක්සේරු කිරීමක් සිදු කළහ.
මෙහිදී දක්ෂ පන්දු යවන්නන් 20 දෙනකු තෝරාගත් අතර එම තෝරාගත් ක්‍රීඩකයන්ට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අනුයුක්ත කර ඇති පුහුණුකරුවන්ගේ මඟපෙන්වීමෙන් වැඩිදුර පුහුණුව ලබාදෙයි.
තවද කැපී පෙනෙන දක්ෂතා දක්වමින් අඛණ්ඩව දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දියත් කර ඇති ජාතික ක්‍රිකට් ගමන්මග යටතේ දිස්ත්‍රික්කය පුරා පිහිටුවා ඇති සංචිතවලට සම්බන්ධ කර එම වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය ප්‍රදේශවල විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා
සොයා යෑම වෙනුවෙන් දියත් කර ඇති ක්‍රිකට් ගමට වැඩසටහනේ කොටසක් ලෙසින් පැවැත්විණි.
මෙම වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණ වැඩසටහන උතුරු මැද සහ වයඹ පළාත්වල දක්ෂතා ඇගැයීම් වෙනුවෙන් පත් කර ඇති ලසන්ත ලක්මින්, උතුරු මැද පළාත් කාන්තා පුහුණුකරු ලක්ෂිත හේරත් සහ උතුරු මැද පළාත් වේග පන්දු පුහුණුකරු සමන් සේනානායක යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මඟ පෙන්වීම යටතේ උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන දඹුල්ලෙහි පිහිටුවා තිබෙන විශිෂ්ඨතා මධ්‍යස්ථානයේ කලමනාකරු වන ක්‍රිෂාන් ආනන්දකුමාර් විසින් කලමණාකරණය කරන ලදී.
සුසිල් ජයකොඩි