ශ්‍රීලනිප නඩු හබවලට නිමල්ට කෝටි 7ක්

7847

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය ලබාගැනීම වෙනුවෙන් සිදුකරන ලද අධිකරණ ක්‍රියාමාර්ග සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් වැය කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ලෙස පත්වීමෙන් පසුව ද පක්‍ෂය වෙනුවෙන් ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ගවලට මෙන්ම වාරණ නියෝගවලට මුහුණ දීම සඳහාත් ඒවායේ ලියකියවිලිවල ඡායා පිටපත් ගැනීම සඳහා පමණක් රු. ලක්‍ෂ පහක පමණ මුදලක් වැය කිරීමට සිදු වූ බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා නිට්ටඹුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමක දී සඳහන් කර ඇත.

ඊට අමතරව පක්‍ෂ මූලස්ථානයේ සිටින සේවකයන්ට ද වැටුප් ගෙවන ලද්දේ තමා බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී සඳහන් කර ඇත.

අරුණ බෝගහවත්ත


advertistmentadvertistment