සර්ව පාක්ෂික ආණ්ඩුව දේශපාලන මොඩලයක පොඩි ගේම් එකක්

110

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි (සජබ)

ජනාධිපතිවරයා යෝජනා කරනු ලබන සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු දේශපාලනයේ තිබෙන මොඩලයක පොඩි ගේම් එකක් පමණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

සර්ව පාක්ෂික කියන්නේ දේශපාලනයේ තිබෙන මොඩලයක පොඩි ගේම් එකක්. සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියලා කණ්ඩායමක් කියනවා. සර්ව පාක්ෂික පාලනයක් කියලා තව කණ්ඩායමක් කියනවා. සර්ව පාක්ෂික පාලනය කියන්නේ අපි. හේතුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරපු අයට අපි කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළේ මේ රටේ ජනතාවට රටට යහපත් දෙයක් කරන්නද? මොකද සර්ව පාක්ෂික ආණ්ඩුව කියලා ආරම්භ කරපු වැඩසටහනත් එක්ක ජනප්‍රිය මාතෘකාවත් එක්ක අද දේශපාලන අභ්‍යන්තර ගේම් ටිකක් සිදුවෙනවා. එම නිසා ජනාධිපතිතුමාට මතක් කරනවා දින 52 පොහොට්ටුවේ ගේම් එක. එහිදී ප්‍රතිපත්ති ගරුකව එදා එක්සත් ජාතික පක්ෂය එක්ක හිටගත්ත අපිත් ඔබතුමාව එදා අග්‍රාමාත්‍යවරයා හැටියට විශ්වාස කළා. එදා අපි එහෙම හිටගත්තේ අපේ ප්‍රතිපත්තියට සියලු වරප්‍රසාද, මුදල් සම්පූර්ණයෙන් විරුද්ධ නිසා. ඒ නිසා අදටත් ඒ දින 52 ගේම් එක ඔබතුමා නොදැන වටේ කණ්ඩායම කරකවගෙන ගහනවා. එදා ප්‍රතිපත්තියේ අදත් අපි ඉන්නවා. දින 52 සල්ලි දැම්මා, වරප්‍රසාද දුන්නා ඒ සියල්ලගෙන් ගන්න හැදුවා. ඒ වගේම 20 සංශෝධනයේදී ගන්න හැදුවා. ජනාධිපති පත් කරන වෙලාවේ ගන්න හැදුවා. හැබැයි ඒ කිසි දෙකට යට වෙච්ච නැති ප්‍රතිපත්ති ගරුක කණ්ඩායමක් තමයි සමගි ජන බලවේගයේ ඉන්නේ. ඒ නිසා තමයි සමගි ජනබලවේගයේ ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්නේ.

ජනාධිපතිතුමාට මම මතක් කරනවා එදා යහපාලන කාලයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමත් අතර ප්‍රශ්න ඇති වෙද්දී හැම මොහොතකම ඔබතුමන්ලා දෙපලටම කියපු දේ තමයි රට වෙනුවෙන් ප්‍රශ්න ඇති කරගන්න එපා කරුණාකර එකට වාඩි වෙලා මේ ආණ්ඩුව හොඳට ගෙනියමු කියන පණිවිඩය. හැබැයි ඒ සටන අපි පරාජය වුණා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි රට අද මෙවැනි තත්ත්වයකට ඇද වැටුණේ. එදා හරි විදිහට දෙගොල්ල එකතුවෙලා අත්වැල් බැඳගෙන ආණ්ඩුව නිවැරදි ගමන් මාර්ගයක ආවා. ඒ ආපු ගමන් මාර්ගය ඉස්සරහට හරි විදිහට ආව නම් අද රටේ ප්‍රශ්න නැහැ. හැබැයි මතක තියාගන්න එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දින 52 දී විශාල වැරැද්දක් සමස්ත රටට කළා. ඒ වැරැද්ද නිසා තමයි අපි පලුදු වුණේ.

අපි පැහැදිලිව කියනවා රටට මේ මොහොතේ විය යුත්තේ කුමක්ද? අපි දැක්ක සමීක්ෂණ වාර්තාවක් කියනවා 89.9% ක් මේ රටේ සමස්ත ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් මිසක් වෙනත් ආණ්ඩුවක් කරන්න කියලා නෙමෙයි. ඇයි ජනතාව මැතිවරණය ඉල්ලන්නේ මේ රටේ ජනමතය විකෘති වෙච්ච ආකාරය ගැන රටේ ජනතාව දන්නවා. ජාත්‍යන්තර වශයෙන් සියලු නායකයොත් දන්නවා. එදා ඒ 9 වැනිදා එලියට බැහැලා ජනතාව එලෙව්වේ ගෝඨාභය රාජපක්ෂ පමණක් නෙමෙයි පොහොට්ටුවේ ආණ්ඩුවත් ඒ වංචා දූෂණ හොරකම් සියල්ලටම කප්පම් ගත්ත කණ්ඩායම් සියල්ලටම විරුද්ධව තමයි ඒ ජනතාව නැගී හිටියේ. ඒ නිසා එතන ජනමතය නැවත වතාවක් නැහැ. එහෙනම් ජනමතයේ නැති කණ්ඩායමක් තමයි ආණ්ඩුව කරන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම.

ජනාධිපති මතක තියාගන්න එතුමාව ජනාධිපති කළේ පොහොට්ටුවේ කණ්ඩායම වෙන කාරණාවක් නිසා නෙමෙයි. රාජපක්ෂලාට පිටින් වෙන කෙනෙක් ජනාධිපති හැටියට යෝජනා කළා නම් රාජපක්ෂ පවුලටම හා ඒ වටේ ඉන්න ජාවාරම්කාරයන්ට නැවත වතාවක් මේ රටේ බලය ගන්න බැරි නිසා තමයි පොහොට්ටුව ඇතුලෙන් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට යෝජනාවක් කළේ නැත්තේ. ඒ තමුන්ගේ රාජපක්ෂ පවුල දිගින් දිගටම ජාවාරම් කට්ටියත් එක්ක මේ රටේ ඉදිරි අනාගතයේ ගිල ගන්න ඕන නිසා තමයි මේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහව පත් කළේ පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා හැටියට.

advertistmentadvertistment
advertistmentadvertistment