ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය
ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු බොක්සිං සම්මේලනය විසින් මෙහෙයවන ලද ආසියානු අවුරුදු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව දිනා ගැනීමට කසකස්ථානය සමත් වන අතර වාරයේ දී පදක්කම් 15 ක් දිනා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම කැපී පෙනුණි.
ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියේ දී රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් ලෙස දිනා ගත් පදක්කම් එකතුව 15 කි.
ආසියාතික මට්ටමේ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් මෙරට තුළ පවත් වන්නට යෙදුනේ වසර 57 ට පමණ පසු වීම කැපී පෙණුනි.
මෙවර ආසියාතික අවුරුදු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී මැයි 12 දින ආරම්භ කෙරුණු අතර එය ඉකුත් සිකුරාදා (23) දක්වා ක්‍රියාත්මක කෙරුණි.
මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්හට තිළිණ ප්‍රදානය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ ලේකම් හා ප්‍රධාන විධායක ක්‍රිස් රොබට්ස් සහ ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති අනුරුද්ධ බණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූහ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර