නීති අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉතා වැදගත් අංශයකි. නීති අධ්‍යාපනය වැදගත් වන්නේ නීතිය නොදැනීම වරදකට නිදහස්ම කරුණක් නොවන නිසාත්, ජනතාවට නීතිය ගැන හසල බුද්ධියක් නොමැති නිසා නීති ක්‍රියාවලියේ ඇති සංකීර්ණ බව හේතු කොට ගෙනය.
ලන්දේසි, රෝමානු, ඉංග්‍රීසි නීතීන්ට අමතරව විවිධ නීති සංකලනයෙන් යුත් ශ්‍රී ලංකා නීති හා අධිකරණ පද්ධතිය ඒ තරමටම ව්‍යාකූලය. සංකීර්ණය. නඩු කල්යෑමටත්, ගොඩගැසීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ ජනතාවගේ නීතිය ක්‍රියාත්මක වීම, ක්‍රියාපටිපාටිය ගැන හරි අවබෝධයක් නොමැති වීමය. නීති පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුකොටගෙනය.
නීති අධ්‍යාපනයේ ඉතිහාසය
ඉතිහාසයේදී ද නීති පද්ධතිය තරමක් සංකීර්ණය, ව්‍යාකූලය. රාජ්‍ය පාලන සමයේ රජුගේ තීරණය අන්තිම තීරණය වන අතර පසුව උසාවිවල අභියාචනා තීරණය කිරීම ද රජුගේ කාර්ය විය. “දසරාජ ධර්මයට” අනුව කටයුතු කිරීමට බැදී සිටි රජතුමාට අවවාද කිරීමට පුරෝහිතයෙක් සිටියහ. පෘතුග්‍රීසි, ඕලන්ද, ඉංග්‍රීසි පාලනයන්ට අමතරව එක්තරා සමයක “නීති නිගණ්ඩුව නමින් පුරාණ නීති එකට ගොනුකර තිබුණි. ඉන්පසුව ඉංග්‍රීසි නීතිය, අනෙක් නීති පද්ධතීන් එකතුව ඉංග්‍රීසීන් විසින් යෝජිත උසාවි මණ්ඩලයක් මගින් යුක්තිය පසිඳලීමේ කටයුතු 1948න් පසුව, එනම් නිදහසට පසුව ආරම්භ විය.
වෘත්තීයමය නීති අධ්‍යාපනය
වෘත්තීයමය නීති අධ්‍යාපනය මෙයට වසර 150කට පෙර නොඒසේම 1833 වසරේදී පවරා (17/1833) පනතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට (Spurem Court) නීතිඥවරුන්, එනම් අද්වකාත් හා නීතිඥවරුන් බඳවාගැනීමේ ක්‍රියාවලිය හා නීති විද්‍යාලයේ ආරම්භය ද සිදුවිය. (Advocats Proctors) පසුව 44/74, යුක්තිය පසිඳලීමේ නීති පද්ධතියට අනුව එම වෘත්තීයමය ශාඛාවන් දෙකම (Attorny – at – Law) නීතිඥවරුන් වශයෙන් එක් වෘත්තියක් වශයෙන් එකතු කිරීම අදටත් ක්‍රියාත්මක වෙයි.
නීතියේ ඉගෙනීමට නොයෙක් ආකාරයේ මාර්ගයක් ඇත. වෘත්තීය අධ්‍යාපනය සඳහා (Council & Legal Education) නීති අධ්‍යාපන කවුන්සලය පිහිටුවා ඇති අතර වෘත්තීය නීති අධ්‍යාපනය සඳහා (Law College) නීති විද්‍යාලය පිහිටා ඇත. මෙම ආයතන අග්‍රවිනිශ්චයකාරතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ හා විනිසුරුවරුන්ගෙන් යුක්ත වූ අතර අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයන් සෑහෙන වියදමක් කිරීමට සිදුවෙයි. කෙසේ නමුත් වෘත්තීය නීති අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ පවතින එකම ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි. (Law College).
නීතිය ඉගෙනීමේ අනෙක් ආයතන
Faculty of Law පේරාදෙණිය, කොතලාවල විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය මෙන් පෞද්ගලික ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශාඛා මගින් (L.L.B.) වැනි නීති උපාධි සඳහා අධ්‍යාපනය කළ හැකිකමක්, වෘත්තීයමය පිළිගත් අවසරය සඳහා නීති විද්‍යාලයේ ඉගෙනුම හා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය අවශ්‍යය. මෙයත් සංකීර්ණ ක්‍රියාදාමයකි. මෙම ආයතනවලින් ලැබෙන්නේ ශාස්ත්‍රීය දැනුමක් වන අතර එමගින් නීතිවේදී ආචාර්යවරුන් වශයෙන් (Acedomics) ඉහළ තලයට යාහැකි නමුත් එයද විදම් අධික සංකීර්ණ ක්‍රියාවලියකි. නීතිය ඉගෙනීමේදී වෙහෙසකර, දුෂ්කර මෙන්ම බොහෝ පර්යේෂණ මගින් දැනුම ලබාගත යුතු ක්‍රියාවලියකි. වෘත්තීයමය අධ්‍යාපනය හා අවසරය සඳහා නීතිවිද්‍යා
ල අධ්‍යාපනය අනිවාර්යවේ.
නීතිය ක්‍රියාත්මක වීම
නීතිය ක්‍රියාත්මක වීම සඳහා උසාවි, නීතිඥ ප්‍රජාව, රජයේ හා අනෙක් නිලධාරීන් අවශ්‍යය. නීතිඥවරුන් නීති විද්‍යාලය මගින් වෘත්තීයට පිළියෙල කරන අතර විනිශ්යකාරවරුන් තෝරාගන්නේ නීතිඥවරුන් අතරෙනි. ග්‍රාමසේවක, පොලිස් අනෙක් උසාවි හා දෙපාර්තමේන්තු කාර්යාලවල නීතිය ක්‍රියාත්මක කිරීමේ අනෙක් අංශ වන අතර එහි ක්‍රියාකාරීත්වය ගැන ජනතාව සෑහීමකට පත්ව නැත. නීති ක්‍රියාත්මක වීමේ ඉබිගමන හා දූෂණය මෙන්ම නඩු ගොඩගැසීම ජනතා අප්‍රසාදයට හේතු සාධකයන්ය.
නීතිය ක්‍රියාත්මක වීම හා නීති අධ්‍යාපනය
නීතිය ක්‍රියාත්මක වීම දක්ෂ, අවංක නිලධාරීන් මෙන්ම දක්ෂ විනිශ්චයකරුවන්, නීතිඥ ප්‍රජාව අවශ්‍ය අංගයකි. අධිකරණ ඇමැති සහ එතුමාගේ අමාත්‍යාංශය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හා නීතිපතිතුමා ද මෙම ක්‍රියාවලියේ විශේෂ අංශ වශයෙන් සැලකේ. අධ්‍යාපනය පොතපතින් ලබාගන්නා අධ්‍යාපනයට අමතරව නියමිත පළපුරුද්දෙන් හා විෂයානුබද්ද ප්‍රායෝගික ඉගැන්වීමෙන් යුක්ත විය යුතුය. උදාහරණ වශයෙන්, ශ්‍රී ලංකාවේ මහෙස්ත්‍රාත් උසාවිය දිනපතා එකම කලබැගෑනියකි. නඩුව සඳහා උසාවියට පැමිණෙන සේවාදායකයා තම වාරය ලැබෙනතෙක් සවස් වනතෙක් බලාසිටිය යුතුය. මෙය බොහෝවිට සිදුවන කරුණකි. නමුත් එක්සත් රාජධානියේ මහෙස්ත්‍රාත් උසාවියේ පිළිවෙළක් ඇත. මහෙස්ත්‍රාත්තුමාගේ සහායකවරු, සේවාදායකයන් සමග සාකච්ඡා කර ක්‍රමානුකූල අවස්ථාව ලබාදෙන අතර සේවාදායකයාට පැහැදිලි අවබෝධයක් දෙයි. නොමිලේ නීති ආධාර මගින් එවන් ක්‍රියාපටිපාටිය හා නීතිය පිළිබඳව අවබෝධයක් ලබාදෙයි. එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලය උසාවි පොදුරාජ්‍ය මණ්ඩලය කෙටි ක්‍රම යොදා ඇත.
නීතිඥවරයාගේ හා විනිශ්චයකාරතුමන්ලාගේ කාර්යභාරය
මෙය ඉතාම වැදගත් මෙන්ම ජනතා හිතවාදී ක්‍රමයක් විය යුතුය. නීතිඥ ප්‍රජාව උගත් විය යුතුය. ආචාර ධර්ම පිළිපැදිය යුතුය. අවංක, දක්ෂ මෙන්ම ක්‍රියාකාරී විය යුතුය. විනිශ්චයකාරවරුන් අධිකරණවාදී (Judicial ) ඇති පුද්ගලයන් විය යුතුය. හිස උදුම්මවාගත් ලොවක ජීවත්වන අය නොවිය යුතුය. නීතිඥ ප්‍රජාව හා විනිශ්චයකාරවරුන් පිළිබඳව ලැබෙන සමහර ආරංචි සුබ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය හා අධිකරණ කොමිෂන් සභාව වගකිවයුතු අතර ක්‍රියාත්මකර ගැනීමට බලය ඇත. විනිශ්චයකාරවරුන් තේරීම, ඔවුන් පළපුරුදු අය බවට පත්කිරීම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.
තීක්ෂණ අධිකරණ ක්‍රියාවලිය හා නීති අධ්‍යාපනය
දක්ෂ විනිසුරුවරුන්, අවංක නීතිඥවරුන් හා අවංක නිලධාරීන් ජාතියට පිළියෙල කිරීම සඳහා නියම නීති අධ්‍යාපන ක්‍රමයක්, සාධාරණ දක්ෂ ක්‍රියාවලියක්, අවංක නිලධාරීන් මෙන්ම තීක්ෂණ අධිකරණ ඇමැතිවරයෙක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයක් රටට අවශ්‍යය. ඔවුන්ගේ ද දැනුම හා පුරුද්ද යාවත්කාලීන කළ යුතුය. එක්සත් රාජධානියේ නීතිඥ ප්‍රජාව මෙන් විනිශ්චයකාරවරුන්ගේ ද දැනුම යාවත්කරණය කිරීම අත්‍යවශ්‍ය අංගයකි. එමගින් ඔවුන් මගින් සිදුවන වැරදි අදක්ෂ ක්‍රියාවලීන් අවම වේ.
ජනතාවගේ – මාධ්‍යයේ හා රජයේ යුතුකම හා ක්‍රියාදාමය
ජනතාව ආහාර, අධ්‍යාපනය යන සෑමදෙයක්ම නොමිලයේ බලාපොරොත්තු වීම ලබාසිටීම වැරදි ආකල්පයකි. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන බැවින් ඔවුන් නීතිය ගැන සෑම ආකාරයෙන්ම අධ්‍යයනය කළ යුතුය. කලකට පෙර ‘ප්‍රජාචාරය’ (Civics) පාසලේ ඉගැන්වූ නමුත් අද එය ගිලිහී ඇත. ජනතාව දැනුමෙන් පෝෂණය කිරීමට විශ්වවිද්‍යාල, N.G.O.’s මෙන්ම නීති ආධාර සේවය ක්‍රියාත්මක කළ යුතු කාලය එළඹී ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ මෙන්ම විශාල කාර්යභාරයක් තිබේ.
නීති අධ්‍යාපනය සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව
මෙය ඉතා වැදගත් පියවරයකි. මේ සඳහා නීතිඥ ප්‍රජාව විනිශ්චයකාරවරුන්, නඩුහබවල පැටලී සිටින ජනතාව, N.G.O ආයතන, විශ්වවිද්‍යාල, නීති ආධාර කොමිසම, ක්‍රියාකාරී ක්‍රියාශීලි විය යුතු අවස්ථාව එළඹී ඇත. හොඳ නීති අධ්‍යාපනයක්, ක්‍රියාකාරි – ක්‍රියාශීලි නීති පද්ධතියක හා නීතිඥවරුන්ගේ හොඳම අඩිතාලමයි. එම අඩිතාලම ශක්තිමත් කිරීම සඳහා නිර්මාණශීලි අවංක නායකත්වයක් අවශ්‍යය. ජනතා සහාය, ජනතා අවබෝධය හා වැඩපිළිවෙළක් අශ්‍යවේ. එම ආයතනය නීති විද්‍යාලය හා නීති පීඨය වේ. ඒ සඳහා ඉදිරි පියවර ගත යුතුය.
නීති අධ්‍යාපනය – ආර්ථිකය හා අපරාධ මර්ධනය, නීතිය හා සාමය
අපරාධ මර්ධනය, නීතිය හා සාමය, නීති අධ්‍යාපනය එකිනෙකට සම්බන්ධ දම්වැලේ පුරුක් බව සත්‍ය කරුණකි. නීතිය හා සාමය රටක ආර්ථික වර්ධනයට, ජන ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය අංගයකි. පොලිසිය, හමුදාව, නීතිඥ ප්‍රජාව, විනිශ්චයකාරවරුන්, මාධ්‍ය නීති අධ්‍යාපනය, දැනුම මෙන්ම හික්මීම (Disepline) කුඩා කල පටන් අධ්‍යාපනය මගින් ප්‍රගුණ කළ යුතු කාර්යයකි. අද අප විශාල අභියෝගයන්ට මුහුණ දී ඇත්තේ නවීන තාක්ෂණය මෙන්ම තාක්ෂණයෙන් ලොව පුරා සංසරණය වන පණිවිඩ ජාලයෙනි.
නීති අධ්‍යාපනයට හා නීති ක්ෂේත්‍රයේ වර්තමාන අභියෝග
අභියෝග බොහෝය. මත් උවදුර, තරුණ අසහනය හා තාක්ෂණයට ලොල්වීම, මොබයිල් තාක්ෂණය හේතුවෙන් ඉගෙනීම මොටකර ගැනීම, ශ්‍රී ලංකාවට පමණක් නොව ලොවපුරා දරු දැරියන් මෙයට ගොදුරුවේ. බටහිර ලෝකයේ තරුණයන් හා සිසුන්ගේ සෑම අංශයකම ඇබ්බැහි වීම අධ්‍යාපනයේ හා හැදියාවේ දුර්වල කමකි. මෙය සමනය කිරීම සඳහා නීති අධ්‍යාපනය පාසල් හා දෙමාපියන් මගින් හැකිවේ. නොඑසේනම් අප විසින් අපව විනාශයට ගෙන යන කාලය අත ළඟය.
ඊශ්‍රායලයේ එමීර් රාජ්‍යයේ හිටපු තානාපති – තානාපති සංසදයේ සභාපති
ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ