ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරාම පාරිභෝගිකයින්ට QR මගින් රීලෝඩ් කිරීමේ පහසුව අත්කර දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම QR රීලෝඩ් ක්‍රමය හඳුන්වා දෙයි.
ඒ අනුව දැන් මොබයිල්, Home Broadband හෝ Dialog Television සම්බන්ධතා සඳහා ළඟම වෙළෙඳසල් මගින් ඉතාමත් පහසුවෙන්ම රීලෝඩ් කිරීමේ හැකියාව පාරිභෝගිකයින් සතු වේ. ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගත් මෙම නවතම හඳුන්වාදීම හේතුවෙන්, ඩයලොග් පාරිභෝගිකයින්ට සම්බන්ධතාවයන් සඳහා Reload කිරීම වඩාත් පහසුවෙන් සහ වේගවත්ව තමන්ටම සිදුකර ගත හැක.
පහසු හා සරල පියවර තුනක් ඔස්සේ ළඟම වෙළෙඳසලකට ගොස් වෙළෙඳ සලෙහි ඇති QR එක scan කර පාරිභෝගිකයින්ට, ඉතාමත් පහසුවෙන් තමන්ට කැමති ප්ලෑන් එක හෝ රිලෝඩ් අගය රීලෝඩ් කර අදාළ මුදල වෙළෙඳ මහතාට ගෙවිය හැකි වෙයි. මෙම ක්‍රමයට රීලෝඩ් කිරීමේදී, මොබයිල් අංකය වෙනත් අයකුට පැවසීමෙන් තොරව, කඩිනමින් රීලෝඩ් කරගත හැකි වීම අමතර පහසුවකි. ඒ හැරුණු විට, කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ඕනෑම ප්ලෑන් එකක් Activate කිරීමටද හැකි වේ. ඩයලොග් හා බැඳුණු සුවහසක් පාරිභෝගිකයින්ගේ සුවපහසුව වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මෙම නවතම ක්‍රමවේදය, ඔවුන්ට සුවපහසුව සැලසීමෙන් පමණක් නොනැවතී, ඔවුන් හා අත්වැල් බැඳ සිටින වෙළෙඳ නියෝජිතයින්ටද පහසුව අත්කර දීමට සමත් ක්‍රමවේදයකි. ඒ, වෙළෙඳ නියෝජිතයින්ගේ කටයුතු මේ හරහා පහසු කරමින්, පාරිභෝගිකයින්ට රීලෝඩ්කර දීම ආදී ඔවුන්ගේ එදිනෙදා කාර්යයන්ද, මෙලෙස ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගනිමින් ඩයලොග් සරල කරන බැවිනි.
QR මගින් රීලෝඩ් කිරීමේ ක්‍රමය, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාරිභෝගිකයින්ට හඳුන්වාදීමට හැකි වීම, ඩයලොග් අපට ආඩම්බරයට කාරණයක්. නවීනතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ජීවිත මෙලෙස වඩාත් පහසු කරන අතර, මෙය, ‘අනාගතය අදයි යන සන්නාම පොරොන්දුව ඉටු කිරීම සඳහා අප තුළ පවතින කැපවීමටද අනුකූල වන්නක්. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියා වීමට ලැබීම අපට සතුටට කාරණයක්. මෙම නවතම විසඳුම තුළින්, පාරිභෝගිකයින් අප සමඟ ගනුදෙනු කරන ආකාරය අලුතෙන් හැඩගස්වෙනු ඇති බව අපට විශ්වාසයි යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සඳහන් කළේය.