හරක්කටා සහ කුඩු සලිඳු අද ලංකාවට රැගෙන එති

687

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක්කටා’ හා පානදුරේ මල්ෂිත නොහොත් කුඩු සලිඳු යන දෙදෙනා අද (14දා) ශ්‍රී ලංකාවට රැගෙන එන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ජාවාරම්කරුවන් රැගෙන ඒමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරු දෙදෙනකු හා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු දෙදෙනෙක් මැඩගස්කරයට ගියහ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment