ඔස්‌ට්‍රේලියාවේ වෙඩි තැබීමකින් පොලිසියේ 2ක් ඇතුළු 6ක් මරුට

327

ඔස්‌ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් හි සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකු මියගොස් ඇත. මියගිය හයදෙනා අතර ප්‍රහාරකයෝ තිදෙනෙක් වෙති. එහි ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු පාසල් විදුහල්පතිවරයෙකි.

අතුරුදන්වූ පුද්ගලයකු සෙවීම සඳහා බි්‍රස්බේස් නරගයේ සිට කිලෝ මීටර් 270 ක් දුර පිහිටි නිවසකට ඇතුළුවූ පොලිස් නිලධාරීන් මෙලෙස ඝාතනය වී තිබේ. එක් කාන්තා නිලධාරිනියක්ද මියගිය අය අතර වේ. එසේම එක් අසල්වැසියකුද මෙහිදී මියගොස් ඇත. අතිරේක පොලිස් භට පිරිස් පැමිණ ප්‍රහාරකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී ඔවුන් මරණයට පත්ව තිබේ. පොලිසිය අතුරුදන් පුද්ගලයෙකු සෙවීම සඳහා මේ ඉඩමට ඇතුළු වී තිබෙන අතර එම පුද්ගලයා වන්නේ ඉහතින් සඳහන් කළ විදුහල්පතිවරයාය. ඔහු සමග ඔහුගේ සහෝදරයෙක් හා සහෝදරයාගේ බිරිඳ ද පොලිස් ප්‍රාහර වලින් මරුමුවට පත්ව ඇත.

මේ සිද්ධිය ගැන නිවේදනයක් නිකුත් කරන ඔස්‌ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බසීස් ප්‍රකාශ කර ඇත්තේ එදින ඔස්‌ට්‍රේලියාවේ හදවත කම්පා කරන දිනයක් බවට පත්ව ඇති බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment