ශ‍්‍රී ලංකාවට එරෙහි ලේබර් පක්‍ෂ යෝජනාව බි‍්‍රතාන්‍ය රජය ඉවත දමයි

1057

ශ‍්‍රී ලංකා රජය සහ හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන ලෙස බි‍්‍රතාන්‍ය ලේබර් පක්‍ෂය වාර්ෂික සමුළුවේදී සම්මත කරගත් යෝජනාව බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

ස්ටිපන් තිනොක්, සියෝබ්ගාන් මැක්ඩොනා, බැරි ගාඞ්නර් ඇතුළු කොටි හිතවාදී මන්ත‍්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට විරුද්ධ වීමක් සිදුවී නැත.

ශ‍්‍රී ලංකාවට එරෙහිව මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මුල්වී ඇත්තේ හිටපු බී බී සී වාර්තාකරු ප‍්‍රැන්සස් හැරිසන් යැයි අනාවරණ වී ඇත.

මෙම ලේබර් පක්‍ෂ සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍ය මැග්නිව්ස්කි සම්බාධක පනත කි‍්‍රයාත්මක කරන ලෙසද ඉල්ලා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment