ෂාරුක් ඛාන් හදිසියේ ලෙඩ වී රෝහලේ

289

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් උෂ්ණාධික ආබාධයකට ලක්ව අහමදාබාද්හි රෝහලකට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් අඟහරුවාදා ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නැරඹීමට අහමදාබාද් නුවරට පැමිණ තිබුණි. එදින ඔහුට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණි.

අහමදාබාද්හි සෙල්සියස් අංශක 45 ක අධික උෂ්ණත්වයක් මැද ඔහු විජලනය වීමෙන් පීඩා විඳිමින් සිට ඇත. ශාරුක්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවද ඔහු වෛද්‍ය නිරීක්ෂණ යටතේ රෝහල් ගතව සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඔහු ප්‍රතිකාර ලබන රෝහල වටා ආරක්ෂාව තර කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment