මැතිවරණ වේදිකාව කඩා වැටී 9ක් මරුට

202

කුඩා දරුවනුත් ඒ අතර

මෙක්සිකෝවේ මැතිවරණ රැලියක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදී එම වේදිකාවෙන් කොටසක් එකවරම කඩා වැටීමෙන් කුඩා දරුවකු ඇතුළු නව දෙනෙකු මියගොස් ඇත.

මැතිවරණ අපේක්ෂක ජෝර්ජ් මෙනෙස් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ දැඩි සුළඟක් හේතුවෙන් මෙම මැතිවරණ වේදිකාව කඩා වැටුණු බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පනහකට අධික පිරිසක් රෝහල්ගත කර ඇත. විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ වේදිකාව මත විශාල පිරිසක් සිට ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment