සත්තයි බංකොලොත් කිව්වේ නෑ

656

රට බංකොලොත් යැයි කිසිදු අවස්ථාවක රජය විසින් ප්‍රකාශයට පත් නොකළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රට බංකොලොත් භාවයට පත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේදී සිදු කළේ ඇතැම් විදේශීය ණය හිමියන්ගේ ණය වාරික ගෙවිය නොහැකි බව දැනුම් දීම පමණක් බවයි. එම තේරීම් කාරක සභාව හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය නිසා රට වසා දැමීම, රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

එරික් ගාමිණී ජිනප්‍රිය


advertistmentadvertistment