සනත් නිශාන්ත,මිලාන් ජයතිලක යළි රිමාන්ඩ්

362

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහඳගම යන අය මැයි 9 වන දා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට එල්ල කළ මැර ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස නම් කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, වසන්ත හඳපාන්ගොඩ ඇතුළු සැකකරුවන් 10 දෙනා ජූනි 8 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment