රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙකු වන පියදාස වැලිකන්නගේසූරීහු ඊයේ (25දා) උදෑසන මාතලේ මහ රෝහලේදී අභාවප්‍රාප්ත වූහ.
තිදරු පියකු වන වැලිකන්නගේ මහතා අභාවප්‍රාප්ත වන විට 90 වැනි වියෙහි පසුවිය.
ඒ මහතාගේ දේහය මාතලේ හුලංගමුව පෙදෙසේ පියදාස වැලිකන්නගේ මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27දා) සවස මාතලේ ආදාහනාගාරයේදී සිදුකෙරේ.
කමල් බෝගොඩ