ගල්කිස්ස මහ හෝටලයේ දී පැවැති පුවත්පත් කලාවේදීන්ගේ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී විශිෂ්ටතම විශේෂාංග රචනය සඳහා වන උපාලි විජයවර්ධන සම්මානය ‘දිවයින’ ඉරිදා සංග්‍රහයේ විශේෂාංග ලේඛිකා හර්ෂා සුගතදාස විසින් හිමි කර ගන්නා ලදී. 2023 වර්ෂය සඳහා වන විශිෂ්ටතම පාරිසරික මාධ්‍යවේදියා (සිංහල අංශය) සම්මානය ‘දිවයින’ පුවත්පතේ විශේෂාංග කර්තෘ ජගත් කණහැරආරච්චි වෙත පිරිනමන ලද අතර, හර්ෂා සුගතදාස මහත්මියට හිමි සම්මානය උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතා අතින් ද ජගත් කණහැරආරච්චි මහතාට හිමි සම්මානය වීරකේෂරී පුවත්පතේ ප්‍රධාන කර්තෘ ශ්‍රී ගජන් මහතා අතින් ලබා ගන්නා ලදි. කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සම්මාන උළෙල සංවිධානය කර තිබිණි. ඡායාරූප – ධර්මසේන වැලිපිටිය
පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මාන උලෙළ පසුගිය 06දා ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති අවස්ථාවේ ‘දිවයින’ පුවත්පතට සම්මාන රැසක්ම හිමිවිය. එහිදී වසරේ විශිෂ්ටතම කර්තෘවරයාට හිමි සම්මානය දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාට හිමි වූ අතර ජීවිතයේ එක් වතාවකදී පමණක් පිරිනැමෙන පුවත්පත් කලාවට කරන ලද මෙහෙවර අගයන ‘ලයිෆ් ටයිම්’ සම්මානයද දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාට මෙවර ප්‍රදානය කෙරිණි.
The Island පුවත්පතේ සැනීටා කරීම් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලද අවස්ථාව .
උලෙළට ප්‍රධාන ආරාධිතයින් ලෙස හිටපු කථානායක කරු ජයසූරිය, ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක, ප්‍රවීණ රංගධර ක්ලීටස් මෙන්ඩිස්, ප්‍රවීණ ගේය පද රචන රත්න ශ්‍රී විජේසිංහ, ආචාර්ය පුෂ්පා රම්‍යානි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන, රංගන ශිල්පිනි සනෝජා බිබිලේ ඇතුළු පිරිසක් එක්ව සිටියේය. එහිදී වසරේ හොඳම ක්‍රීඩා කර්තෘවරයාට හිමි සම්මානය ‘දිවයින’ ක්‍රීඩා පිටුවේ සංස්කාරක සුසිල් ජයකොඩි මහතාට පිරිනැමුණු අතර හොඳම ප්‍රාදේශීය වාර්තාකරණයට සඳහා වූ පිනකල් ශ්‍රී ලංකා සම්මානය දිවයින ගුවන්තොටුපළ වාර්තාකරු ටී.කේ.ජී. කපිල මහතාට පිරිනැමිනි. හොඳම ඉංග්‍රීසි පුවත්පතට හිමි සම්මානය ‘දී අයිලන්ඩ්’ පුවත්පතට මෙවර හිමිවුණු අතර එය භාරගනු ලැබුවේ ඡායාරූප කර්තෘ නිශාන් එස්. ප්‍රියන්ත මහතා විසින් භාරගනු ලැබීය. ඉතා විචිත්‍රවත් ලෙස පැවැති මෙම උලෙළ MUGP ඉන්ටර්නැෂනල් ඔර්ගනයිශේෂන් ජාත්‍යන්තර සංවිධානය විසින් සංවිධානය කර තිබිණි. හෙළ ගීත ක්ෂේත්‍රය කළ උත්තම මෙහෙවරට ආචාර්ය නන්දා මාලිනිය මහත්මිය වෙත ද, කෘතහස්ත ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාට සහ ප්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවල මහතාට විශේෂ ගෞරව සම්මාන ප්‍රදානයක් ද මෙවර සිදුවීම එම උලෙළේ කැපී පෙනෙන තවත් සිදුවීම් විය.