ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 110ක් මධ්‍යම අපි‍්‍රකා සාම සාධක හමුදාවට

147

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 110දෙනකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරි සඳහා පෙරේදා (30දා) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

මෙම පිරිස අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීහු 20දෙනෙක් සහ අනෙකුත් නිලධාරීහු 90දෙනෙක් සිටිති. මෙම කණ්ඩායමේ නායකත්වය වින්ග් කමාන්ඩර් සම්පත් ලියනාරච්චි මහතා විසින් දරනු ලබයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා බළඝනයේ දැනට රාජකාරි කටයුතුවල නියැලී සිටින භට පිරිස වෙනුවට අනුයුක්ත කිරීම සඳහා මෙම භට පිරිස මධ්‍යම අප‍්‍රිකාව වෙත යොමුකර තිබේ.

මෙම භට පිරිස රැුගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම එසේ සේවය නිමාකරන භට පිරිස ඉදිරි දිනවල දී , මධ්‍යම අප‍්‍රිකාවේ සිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

කටුනායක – ටී.කේ.ජී.කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment