සමෙන් හමන සුවඳක් නිසා ඇතැමුන් මදුරුවන්ට කාන්දම් වගෙයි – ඇමෙරිකානු අධ්‍යයනයකින් හෙළිවෙයි

208

සමහර පුද්ගලයන්ට ‘මදුරුවන් කාන්දම්’ මෙන් ආකර්ෂණීය බව ඇමෙරිකානු අධ්‍යයනයකින් අනාවරණය කර තිබේ.

‘මදුරු චුම්බක’ ලෙස හැඳින්වෙන මෙම පුද්ගලයන්ගේ සමෙන් වහනය වන සුවඳ ඊට හේතුවී ඇති බව එම අධ්‍යයනයෙන් හෙළි කර ඇතැයි බීබීසීය කියයි.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මදුරුවන්ට වඩාත්ම ආකර්ෂණීය පුද්ගලයන්ගේ සම මත නිපදවන ඇතැම් රසායනික හේතුවෙන් මදුරුවන් එම සුවඳට බැඳෙන බවය. නිව්යෝර්ක්හි රොක්ෆෙලර් විශ්වවිද්‍යාලයේ ස්නායු ජීව විද්‍යාඥයකු වන ලෙස්ලි වොෂල් පැවසුවේ “ඔබේ සමේ මේ රසායනික දෑ ඉහළ මට්ටමක පවතී නම්, ඔබ මදුරු දෂ්ටනයට ලක්වන ඔවුන්ගේ විනෝද චාරිකාවේ තැනැත්තා වනු ඇති” බවය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යමින් තිබේ.
චතුර පමුණුව


advertistmentadvertistment