ඉන්දියානුවෝ 3 ක් ක්‍රිකට් වෙනුවෙන් දිවි පුදති

876

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම ලද පරාජය දරාගත නොහැකිව ඉන්දීය ජාතිකයන් දෙදෙනකු සිය දිවි හානි කරගෙන ඇති අතර, තවත් පුද්ගලයකු කම්පනයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් ඉරිදා (19 දා) පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එතෙක් අපරාජිතව සිටි ඉන්දීය කණ්ඩායමට ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්ව අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදු විය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලද එම පරාජයත් සමග ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බන්තුරා දිස්ත්‍රික්කයේ 23 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන මියගොස් ඇති අතර, ගුටහාට් ප්‍රදේශයේ පුද්ගලයකු ඇති වූ කම්පනය හේතුවෙන් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගොස් ඇති අනෙක් පුද්ගලයා ඔඩිස්සා ප්‍රාන්තයේ ජායිපූර්හි පදිංචි තරුණයකු වන අතර, ඔහු ඉන්දීය කණ්ඩායම ලද පරාජයෙන් පසු කම්පනයට පත්ව සියදිවි හානි කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment