මගේ රැකියා ඒජන්සියක් ඩුබායිවල තියෙනවා: මං ඩුබායි යන්නේ එහි වැඩවලටයි – මන්ත්‍රී අලි සබ්රි රහීම්

1242

රේගුව මගින් තමා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 75 ක දඩයක් ගෙවා නිදහස් වී පසුව යළිත් ඩුබායි ගියේ තමාට අයත් රැකියා ඒජන්සියක් එරට තිබෙන නිසා යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ගුවන්තොටුපලේදී ඊයේ (29දා) ‘දිවයින’ට පැවසීය.

තමාගේ රැකියා ඒජන්සියේ ශ්‍රී ලාංකික තරුණයන්ද රැකියාව කරන බවත් තමා ඉඳහිට එහි යන්නේ එම ආයතනයේ වැඩකටයුතු සොයා බැලීමට බවත් හෙතෙම කීවේය.

විපක්‍ෂය තමාට එරෙහිව කුමක් කළත් තමා ආණ්ඩුව අත්හැර නොයන බවද මන්ත්‍රීවරයා පැවසීය.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment