රනිල්ට එරෙහි නිර්දේශවලට මොකද වෙන්නෙ – නීතිපති සති දෙකක් ඉල්ලයි

215

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා ඊයේ (25දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකළ රිට් පෙත්සමක් නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම නැවත පෙබරවාරි මස 8 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

එදින පෙත්සම්කරුට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය අධිකරණයට දැනුම්දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම් දෙන ලදි.

රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම ගත් තීරණය නීතියට පටහැනි බවය.

අනුව තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment