සහල් මිල ඉහළ දාගන්න මහ මෝල්ලුන්ගේ වැඩක් – නාමල් කරුණාරත්න

180

වෙළෙඳපොළ තුළ ඊයේ (27 දා) වන විට සම්බා සහල් හිඟයක් ද ඇති වී තිබේ.

අස්වනු නෙලීමට සති 07 ක් තිබියදී ගොවියාගෙන් තුට්ටු දෙකට වී මිලදී ගැනීමේ අරමුණින් රට තුළ වී හිඟයක් ඇති කරමින් කීරි සම්බා මෙන්ම සම්බා සහල් මිල ද ඉහළ දමා ගැනීමේ අරමුණින් යුතුව මහා පරිමාණ මෝල් හිමියන් විසින් මෙම කෘත්‍රිම සහල් හිඟය නිර්මාණය කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

මෙම කෘත්‍රිම වී සහ සහල් හිඟය ඇති කර සහල් ආනයනය කිරීමටත්, ඉදිරියේදී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී අඩු මිලක් ගෙවීමට කෘෂිකර්ම ඇමැතිවරයා පොළඹවා ගැනීමටත් එම අමාත්‍යාංශ දෙක සහ මහා පරිමාණ මෝල් හිමියන් ඩීල් ගසමින් සිටින බව එම සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (27 දා) පැවසීය.

“මේ පාර ගොවියන් වැඩිපුරම වගා කළේ කීරි සම්බා. දැන් අස්වනු නෙළන්න ළංවෙනකොට රටින් සහල් ගේන්න ප්ලෑන් කරනවා. එවිට වී මිල බහිනවා. ඊට පස්සේ මහා පරිමාණ මෝල් හිමියන් එක්ක ගොවියා සූරාකනවා. මේක මංකොල්ලයක්. අපිට පිටින් වී ගේන්න ඕනෑ නැහැ. කීරි සම්බා කිලෝ 64 වී මලු රුපියල් දස දහස් එකසියයට මේ වන විටත් මෝල් හිමියන් විසින් ගොවීන්ගෙන් මිල දී ගන්නවා.

අපේ රටට වසරකට වී මෙටි්‍රක් ටොන් 36 ලක්‍ෂයයි ඕනෑ. මේ වසරේ මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 45 ක අස්වැන්නක් ලැබුවා. ඇත්තටම ඇත්තේ සහල් අතිරික්තයක්. නමුත් මේ වසරේදීත් සහල් රටින් ගෙනාවා. පොන්නි සම්බා, බාස්මතී තවමත් කඩවල තියෙනවා. මේ හදන්නේ වී සහ සහල් හිඟයක් නිර්මාණය කර මේ කන්නයේ වී මිල බස්සවා වී ගොවියා සූරා කෑමක් සිදුකරන්න.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment