සාදික්කා සහ කරාබු වගාවට දිලීර රෝගයක්

219


සාදික්කා සහ කරාබු වගාව ට සුළගෙන් ජලයෙන් බෝවන දිලීර රෝගයක් පැතිර යන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙම බෝග දෙක සදහා වෙනස් වූ දිලීර වර්ග දෙකක් පැතිර යන බවත් රෝගය වහා පාලනය නොකලොත් ඉදිරියේ දී අස්වැන්නට බලපෑමක් එල්ල වී ආදායම් අඩුවීමට ඉඩ ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මේ වන විට මහනුවර කෑගල්ල යන දිස්ත්‍රික්කවල රෝග පැතිර යාමක් දක්නට ලැබෙන අතර
රෝග තත්ත්වය මත ළපටි පත්‍ර සහ ළපටි බීජ වලට දැඩි හානියක් සිදුවන බවත් ගස් අසළ මේවා වැටී තිබුණ හොත් ගසට රෝග වැළඳී ඇති බවට නිගමනය කළ හැකි බවත් ඒ මහතා කීය

advertistmentadvertistment
advertistmentadvertistment